දේශපාලන බලපෑම් සොයන්න අයි.සී.සී උප සභාපති දිවයිනට

Date:

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ පරිපාලනයට එල්ල වන බව කියන දේශපාලන මැදිහත්වීම් පිළිබඳ සොයා බැලීම සදහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය (අයි.සී.සී) විසින් පත් කළ ත්‍රිපුද්ගල කමිටුවේ සාමාජික, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ උප සභාපති ඉම්රාන් ක්වාජා අද (10) පෙරවරුවේ දිවයිනට පැමිණ තිබෙනවා.

දේශපාලන මැදිහත්වීම් සම්බන්ධයෙන් වන චෝදනා පිළිබද කරුණු සෙවීම සදහායි ඔහු මෙම සංචාරයේ නිරත වන්නේ.

ඒ අනුව ඉම්රාන් ක්වාජා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා සමග හා ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව සමග අද දිනයේ දී සාකච්ඡා පවත්වා තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ පැවති සාකච්ඡාවේ දී දේශපාලන මැදිහත්වීම් හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මුහුණ දෙන ගැටලු සහ ක්‍රීඩාවේ පරිපාලනය කෙරෙහි ඇති කරන බලපෑම පිළිබඳ ඉම්රාන් ක්වාජා කරුණු විමසා බැලූ බවයි ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මැයි 8 වැනිදා ක්‍රීඩා අමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කරමින් ඉම්රාන් ක්වාජාගේ ශ්‍රී ලංකා සංචාරය සම්බන්ධයෙන් සහ අමාත්‍යවරයා හමුවීමට ඔහුගේ අභිප්‍රාය පිළිබඳ කරුණු දැනුම් දී තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...