ජපානය පරදා ශ්‍රී ලංකා නැගී එන පිලට කඩුලු 5ක ජයක්

Date:

ජපානය සමග පැවැති පළමු පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයෙන් කඩුලු 5 ක ජයක් වාර්තා කරමින් තරග 5 කින් යුත් තරගාවලිය තරග 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමට සංචාරක ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම අද (10) සමත් වුණා.

Sano ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් ජපානය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 97 ක් රැස් කළා.

K-Fleming K ලකුණු 21(15) ක් ද, Sakurano Thomas R. හා Thurgate M. ලකුණු 14 බැගින් ද ලබා ගත්තා.

පන්දු යැවීමේ දී ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම වෙනුවෙන් නායක ඩෙලෝන් පීරිස් ලකුණු 21 කට කඩුලු 3 ක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම පන්දුවාර 15.3 ක් අවසානයේ කඩුලු 5 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා. ඒ, 5 වැනි කඩුල්ල ලකුණු 50 දී බිද වැටුණු පසුබිමකයි.

අනතුරුව නායක ඩෙලෝන් පීරිස් හා රන්මිත් ජයසේන නොබිදුණු සම්බන්ධතාවයක් ගොඩ නගමින් ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන ගියා.

රන්මිත් නොදැවී ලකුණු 25 ක් ද, ඩෙලෝන් නොදැවී ලකුණු 17 ක් ද ලබා ගත්තා. දුනිත් ජයතුංග ලකුණු 18 යි. පන්දු යැවීමේ දී Ibrahim Takahashi ලකුණු 17 කට කඩුලු 3 ක් දවා ගත් අතර, දිනේෂ් සදරුවන් හා Makoto Taniyama කඩුල්ල බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...