ඉන්දීය ප්රිමියර් ලීග් ක්රිකට් තරගාවලියේ ප්රසාද ලකුණු සටහනේ 8 වැනි ස්ථානයේ සිට 3 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ඊයේ(9) රාත්රියේ සමත් වුණා.
ඒ, මෙවර තරගාවලියේ 54 වැනි තරගයෙන් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම පරදා ලැබූ කඩුලු 6 ක ජයත් සමගින්.
මුම්බායි කණ්ඩායම මේ වන විට තරග 11 කට ක්රීඩා කර ඉන් තරග 6 ක් ජය ගනිමින් ප්රසාද ලකුණු 12 ක් ලබා තෙවැනි ස්ථානයේ පසුවනවා.
පළමු ස්ථානයේ පසුවන ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම තරග 11කදී තරග 8 ක් ජය ගනිමින් ලබා සිටින ප්රසාද ලකුණු ප්රමාණය 16 ක්.
තරග 11කදී තරග 6ක් ජය ගනිමින් ප්රසාද ලකුණු 13 ක් ලබා සිටින චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම දෙවැනි ස්ථානයේ රැදී සිටිනවා.
ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම ප්රසාද ලකුණු 11 ක් හිමි කර ගනිමින් රැදී සිටින්නේ සිව්වැනි ස්ථානයේයි.
රාජස්ථාන් රෝයල්ස්, කොල්කටා නයිට් රයිඩර්ස්, රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර්, පංජාබ් කිංග්ස් යන කණ්ඩායම් හතරම ප්රසාද ලකුණු 10 බැගින් ලබා ඇති අතර, ඔවුන් පිළිවෙලින් 5 වැනි, 6 වැනි, 7 වැනි හා 8 වැනි ස්ථානවල පසුවනවා.
සන්රයිසස් හයිදරාබාද් හා දිල්ලි කැපිටල්ස් යන කණ්ඩායම් ප්රසාද ලකුණු 8 බැගින් ලබා 9 වැනි හා 10 වැනි ස්ථානවලද රැදී සිටිනවා.
එම කණ්ඩායම් දෙකම තරග 10 බැගින් ක්රීඩා කර ඇති අතර, සෙසු සියලු කණ්ඩායම් තරග 11 බැගින් ක්රීඩා කර තිබෙනවා.

