සූර්යකුමාර්ගේ අනර්ඝ ප්‍රහාරය හමුවේ මුම්බායි දෙසීයේ ඉලක්කය පහසුවෙන් පසු කරයි

Date:

සූර්යකුමාර් යාදව්ගේ සුපිරි පිතිහරඹය හමුවේ මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 54 වැනි තරගයෙන් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම පරදා කඩුලු 6 ක ජයක් වාර්තා කිරීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අද(9) සමත් වුණා.

මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාංගනයේ දී පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ මුම්බායි කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් බැංගලෝර් කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලකුණු 199 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ඉනිම නිමා වීමට පන්දු 21 ක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 4 ක් දැවී සිටියදීයි.

ආරම්භක කඩුල්ල සදහා ලකුණු 51 ක සම්බන්ධතාවයක් පන්දුවාර 4.4 ක් තුළ දී ගොඩ නැගීමට රෝහිත් ෂර්මා හා ඉෂාන් කිෂන් සමත් වුණා. කෙසේ වෙතත්, වනිදු හසරංග යොමු කළ ඉනිමේ 5 වැනි පන්දුවාරයේ දී ඔවුන් දෙදෙනාම දවා ගැනීමට ඔහු සමත් වීම විශේෂත්වයක්. කිෂන් පන්දු 21 කින් ලකුණු 42 ක් රැස් කළ අතර, ෂර්මා ලකුණු 7කට දැවී ගියා.

අනතුරුව සූර්යකුමාර් හා Nehal Wadhera තෙවැනි කඩුල්ල සදහා ගොඩ නැගූ සම්බන්ධතාවය ලකුණු 140 (66)ක්.

සූර්යකුමාර් පන්දු 35කින් ලකුණු 83ක් රැස් කළේ හයේ පහර 6 ක් හා හතරේ පහර 7 ක් සමගින්. Wadhera නොදැවී ලකුණු 52(34) යි.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් බැංගලෝර් පිල වෙනුවෙන් ෆෆ් ඩු ප්ලෙසිස් පන්දු 41 කින් ලකුණු 65 ක් රැස් කළ අතර, ග්ලේන් මැක්ස්වෙල් පන්දු 33 කින් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 68 ක්. මැක්ස්වෙල්ගේ ඉනිමට හයේ පහර 4 ක් හා හතරේ පහර 8 ක් ඇතුළත්.

ඔවුන් දෙදෙනා අතර තෙවැනි කඩුල්ල සදහා ලකුණු 120 (62) ක සම්බන්ධතාවයක් ගොඩ නැගුණා. දිනේෂ් කාර්තික් ලකුණු 30 යි.

පන්දු යැවීමේ දී ජේසන් බෙහ්රෙන්ඩොර්ෆ් ලකුණු 36 කට කඩුලු 3 ක් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...