අප්‍රේල් මාසයේ ICC ක්‍රිකට් ක්‍රීඩකයා නිවේදනය කෙරේ

Date:

අප්‍රේල් මාසයේ අයි.සී.සී ක්‍රිකට් ක්‍රීඩකයා හා ක්‍රීඩිකාව ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් අද (9) නිවේදනය කළා.

ඒ අනුව මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානයෙන් පිදුම් ලබා ඇත්තේ පාකිස්තාන පිතිකරු ෆකාර් සමාන්.

ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය හා නවසීලන්තයේ මාර්ක් චැප්මන් ද මෙම සම්මානය සදහා වන නිර්දේශිත නාම අතරට ඇතුළත්ව තිබුණා.

සම්මානය දිනා ගත් 33 හැවිරිදි ෆකාර් සමාන් නවසීලන්තයට එරෙහි පළමු එක්දින තරගයේ දී ලකුණු 117 ක් ද, දෙවැනි එක්දින තරගයේ දී නොදැවී ලකුණු 180 ක් ද වාර්තා කළා. පාකිස්තානය හා නවසීලන්තය අතර පැවැති පළමු 20යි 20 තරගයේ දී ඔහු පන්දු 34 කින් ලකුණු 47 ක් වාර්තා කිරීමට ද සමත් වුණා.

අප්‍රේල් මාසයේ අයි.සී.සී ක්‍රිකට් ක්‍රීඩිකාව සදහා වන නිර්දේශිත නාම අතරට Naruemol Chaiwai (තායිලන්තය) Kavisha Egodage (එක්සත් අරාබි එමීර් රාජ්‍ය) හා Kelis Ndlovu (සිම්බාබ්වේ) යන ක්‍රීඩිකාවන් නම් කර තිබූ අතර, එම සම්මානය දිනා ගැනීමට සමත්ව ඇත්තේ තායිලන්තයේ Naruemol Chaiwai.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...