ලකුණු 47 ක පරාජයක් සමග පාකිස්තානයට එක්දින කිරුළ අහිමි වෙයි

Date:

සංචාරක නවසීලන්ත කණ්ඩායම සමඟ පැවති පස්වැනි එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 47 ක පරාජයක් ලැබීමට පාකිස්තාන කණ්ඩායමට සිදු වුණා.

එම පරාජය හේතුවෙන්, සිව්වැනි එක්දින තරගයෙන් පසුව අයි.සී.සී එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානයට පත්වූ පාකිස්තතානයට මේ වන විට තෙවැනි ස්ථානය දක්වා පසු බැසීමට සිදුව තිබෙනවා.

කෙසේ වෙතත්, දෙරට අතර පැවති තරග 5කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 4-1 ක් ලෙස ජය ගැනීමට සමත් වුණේ පාකිස්තානයයි.

කරච්චිහී දී පැවති පස්වැනි එක්දින තරගයේ කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් නවසීලන්තය පන්දුවාර 49.3 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 299 ක්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්ථානයට පන්දුවාර 46.1 අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 252ක් පමණයි.

ඉෆ්ටිකාර් අහ්මඩ් පන්දු 72 කින් නොදැවී ලකුණු 94 ක් ලබා ගනිමින් සිය කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන යාමට හුදෙකලා සටනක නිරත වූ නමුත් එය සාර්ථක වූයේ නැහැ.  අගා සල්මාන් ලකුණු 57 යි.

පන්දු යැවීමේදී හෙන්රි ශිප්ලි ලකුණු 34කට කඩුලු 3 ක් ද, රචින් රවින්ද්‍ර ලකුණු 65 කට කඩුලු 3 ක් ද දවා ගත්තා.

පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ විල් යන්ග්. ඔහු පන්දු 91 කින් ලකුණු 87 ක් ලබා ගත්තා. නායක ටොම් ලේතම් ලකුණු 59යි. මාර්ක් චැප්මන් ලකුණු 43කට දැවී ගියා.

පන්දු යැවීමේ දී ශහීන් ශාහ් අෆ්රිඩි ලකුණු 46 කට කඩුලු 3 ක් දවා ගත් අතර, උසාමා මීර් හා ශඩාබ් ඛාන් අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා.

මේ වන විට ශ්‍රේණිගත ලකුණු 113 බැගින් ලබා සිටින ඕස්ට්‍රේලියාව හා ඉන්දියාව එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්හි පිළිවෙලින් පළමු සහ දෙවැනි ස්ථානවල රැඳී සිටිනවා.

තෙවැනි ස්ථානයේ පසුවන පාකිස්තානයට හිමිව ඇති ශ්‍රේණිගත ලකුණු සංඛ්‍යාව 112ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...