Watch : රෂීඩ් ඛාන් රැක ගත් ඇදහිය නොහැකි සුපිරි උඩ පන්දුව මෙන්න

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ අද(7) පස්වරුවේදී අහ්මදාබාද් හී දී ආරම්භ වූ මෙවර තරගාවලියේ 51 වැනි තරගයේ දී විශිෂ්ඨ උඩ පන්දුවක් රැක ගැනීමට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමේ රෂීඩ් ඛාන් සමත් වුණා.

මෙවර තරග වාරයේ දී දැක ගත හැකි වූ විශිෂ්ඨතම උඩ පන්දු කිහිපය අතරට එක් වූ එම උඩ පන්දුව ඔහු රැක ගනු ලැබුවේ ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරු ක්යල් මේයර්ස් දවා ගැනීම සදහායි.

තරගයේ කාසියේ වාසිය දිනූ ලක්නව් කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව ටයිටන්ස් පිලට ලබා දුන් අතර, ඔවුන් නියමිත පන්දුවාර 20 අවසන් කළේ කඩුලු 2 ක් දැවී ලකුණු 227 ක් ලබා ගනිමින්.

ලක්නව් පිල පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමේ දී පළමු කඩුල්ල සදහා ලකුණු 88 ක සම්බන්ධතාවයක් පිහිටුවීමට මේයර්ස් හා ක්වෙන්ටන් ඩී කොක් සමත් වුණා.

එම සබදතාවය බිද දැමීම සදහායි රෂීඩ් ඛාන් සුපිරි උඩ පන්දුවක් රැක ගනු ලැබුවේ. (දර්ශන පහතින්)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...