Watch : සිරාජ්-සෝල්ට් උණුසුම් වචන හුවමාරුවේ සම්පූර්ණ වීඩියෝව මෙන්න

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ ඊයේ(6) පැවැති තරගාවලියේ 50 වැනි තරගයේ දී රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක මොහමඩ් සිරාජ් හා දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරු පිල් සෝල්ට් අතර උණුසුම් වචන හුවමාරුවක් සිදු වුණා.

දිල්ලි හී දී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් බැංගලෝර් කණ්ඩායම නියමිත පන්දුවාර 20 නිමා කළේ කඩුලු 4 ක් දැවී ලකුණු 181 ක් ලබා ගනිමින්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දිල්ලි කණ්ඩායම පන්දුවාර 16.4 ක් අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ පිල් සෝල්ට් ලකුණු 87 ක් ලබා ගත්තේ පන්දු 45 කින් . ඒ, හයේ පහර 6 ක් හා හතරේ පහර 8ක් සමගින්.

ඉනිමේ 5 වැනි පන්දුවාරයේ දී යි එම පන්දුවාරය යොමු කළ මොහමඩ් සිරාජ් හා පිල් සෝල්ට් අතර උණුසුම් වචන හුවමාරුව සිදු වුණේ.

එම පන්දුවාරයේ දී පළමු පන්දු 3 ට පිළිවෙළින් ලකුණු 6, 6, 4 ක් වාර්තා කිරීමට සෝල්ට් සමත් වුණා.

සිව්වැනි පන්දුව කෙටි පන්දුවක් ලෙස යොමු කෙරුණු අතර, එය වයිඩ් පන්දුවක් ලෙස විනිසුරු විසින් සංඥා කළා.

එම පන්දුවෙන් අනතුරුවයි සිරාජ් හා සෝල්ට් අතර උණුසුම් වචන හුවමාරුවක් සිදු වුණේ. අනතුරුව පන්දු යවන අන්තයේ රැදී සිටි ඩේවිඩ් වෝනර් ද එම උණුසුම් වචන හුවමාරුවට මැදි වුණා.

පසුව විනිසුරුවන්ගේ මැදිහත් වීමෙන් තත්ත්වය සමථයකට පත් කෙරුණා. (දර්ශන පහතින් නරඹන්න)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...