දෝනිගෙන් ශ්‍රී ලංකාවට උපදෙස් මාලාවක්

Date:

ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ටෙස්ට් ක්‍රිකට් (රතු පන්දු) තරග ක්‍රීඩා කළ යුතු ක්‍රීඩකයෙකු නොවන බව චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ නායක මහේන්ද්‍ර සිං දෝනි පවසනවා.

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට එරෙහිව ඊයේ(6) පැවැති තරගයෙන් පසුව අදහස් දක්වමින් ඔහු ඒ බව සදහන් කළා.

මෙම තරගයේ දී මතීෂ සිය පන්දුවාර 4 තුළදී ලකුණු 15 ක් පමණක් ලබා දෙමින් කඩුලු 3 ක් දවා ගැනීමට සමත් වුණා. ඔහු සිය පන්දුවාර හතරම යොමු කළේ ඉනිමේ අවසන් පන්දුවාර 10 තුළදීයි. නිලකුණු පන්දු 12 ක් ඔහුගේ පන්දුවාර 4ට ඇතුළත්.

“මම පෞද්ගලිකව හිතන්නේ ඔහු රතු-පන්දු තරග ගොඩක් ක්‍රීඩා කළ යුතු කෙනෙක් නෙවෙයි.” යනුවෙන් දෝනි කියා සිටියා.

“මම හිතන්නේ ඔහු එයට ළගා වීමටවත් අවශ්‍ය නැහැ. සුදු පන්දු ක්‍රිකට්වල පවා, පන්දුවාර 50 රටාව ඔහු හැකිතාක් අඩුවෙන් ක්‍රීඩා කළ යුතුයි. ඔහු ප්‍රධාන අයි.සී.සී තරගාවලි ක්‍රීඩා කළ යුතුයි. මොකද එයා ගොඩක් වෙනස් වෙන කෙනෙක් නෙවෙයි. සෑම විටම තීරණාත්මක අවස්ථාවලදී ඔහුව භාවිතා කළ හැකියි. නමුත් ඔහු සියලු අයි සී සී තරඟාවලි සඳහා සුදුසු තත්ත්වයකින් පසු කර ගැනීමට වග බලා ගන්න. ඔහු ශ්‍රී ලංකාවට විශාල සම්පතක් වේවි.”

“ඔහු ඇත්තටම තරුණ කොල්ලෙක් බව අමතක කරන්න එපා. ගිය පාර [2022 දී] එනකොට ටිකක් කෙට්ටුයි, නමුත් දැන් ඔහු මාංශ පේශි වර්ධනය කර ගෙන තරමක් ශක්තිමත් වී තියෙනවා. ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් ඉතා දිගු කාලයක් සේවය කරාවි කියලා මට හැගෙනවා. නමුත් ඔහු කොපමණ පන්දු යවන්නේද යන්න පිළිබඳව අප අවධානයෙන් සිටිය යුතුයි.”

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...