සෝල්ට්ගේ සුපිරි ප්‍රහාරය බැංගලෝරයට දරුණු පරාජයක් ගෙනෙයි

Date:

පිල් සෝල්ට් ලබා ගත් වේගවත් ලකුණු 87 හේතුවෙන් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම හමුවේ කඩුලු 7 ක දරුණු පරාජයක් ලැබීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට අද(6) සිදු වුණා.

දිල්ලි හී දී පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් බැංගලෝර් කණ්ඩායම නියමිත පන්දුවාර 20 නිමා කළේ කඩුලු 4 ක් දැවී ලකුණු 181 ක් ලබා ගනිමින්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දිල්ලි කණ්ඩායම පන්දුවාර 16.4 ක් අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

දිල්ලි  ඉනිමේ ආරම්භක කඩුල්ලේ සම්බන්ධතාවය ලකුණු 60 ක්. ඩේවිඩ් වෝනර් ලකුණු 22(14) කට දැවී ගිය අතර, මිචෙල් මාෂ් ලකුණු 26(17)යි.

විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ පිල් සෝල්ට් ලකුණු 87 ක් ලබා ගත්තේ පන්දු 45 කින් . ඒ, හයේ පහර 6 ක් හා හතරේ පහර 8ක් සමගින්. රයිලි රොසෝව් නොදැවී ලකුණු 35(22)යි.

පන්දු යැවීමේ දී ජොෂ් හේසල්වුඩ්, කර්න් ෂර්මා හා හර්ෂාල් පටෙල් කඩුල්ල බැගින් දවා ගත්තා. වනිදු හසරංග යොමු කළ පන්දුවාර 4 තුළ දී ලකුණු 32 ක් ලබා දුන් නමුත්, කිසිදු කඩුල්ලක් ඔහුට දවා ගැනීමට හැකි වූයේ නැහැ.

පළමුව පන්දුවට පහරදුන් බැංගලෝර් පිල වෙනුවෙන් ආරම්භක කඩුල්ල සදහා ලකුණු 82 ක සම්බන්ධතාවයක් ගොඩ නැගීමට ෆෆ් ඩු ප්ලෙසිස් හා විරාත් කෝලි සමත් වුණා.

ෆෆ් ලකුණු 45(32) කට දැවී ගිය අතර, කෝලි රැස් කළ ලකුණු සංඛ්‍යාව 55(46)ක්. මහිපාල් ලොම්රෝර් පන්දු 29 කින් ලකුණු 54 ක් නොදැවී රැස් කළා. හයේ පහර 3ක් හා හතරේ පහර 6 ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

පන්දු යැවීමේ දී මිචෙල් මාෂ් කඩුලු 2ක් දවා ගත් අතර, මුකේෂ් කුමාර් හා කලීල් අහ්මඩ් කඩුල්ල බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...