Watch : දෝනිගේ සුපිරි සැලසුමට රෝහිත් පිට පිට දෙවැනි වරටත් බින්දුවට දැවී යයි

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී පිට පිට දෙවැනි වතාවටත් ලකුණු නොලබා දැවී යාමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ නායක රෝහිත් ෂර්මාට අද (6) සිදු වුණා.

ඒ, චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට එරෙහිව අද පස්වරුවේ දී චෙන්නායි හී දී ආරම්භ වූ තරඟාවලියේ 49 වැනි තරගයේදී ද ලකුණු නොලබා දැවී යාමත් සමඟයි.

පංජාබ් කිංග්ස් කණ්ඩායමට එරෙහිව පසුගියදා පැවැති තරගයේදී ද ෂර්මා ලකුණු නොලබා දැවී ගියා.

අද තරඟයේ කාසියේ වාසිය දිනූ චෙන්නායි කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව මුම්බායි කණ්ඩායමට ලබා දුන්නා.

රෝහිත් ෂර්මා මෙවර තරගාවලියේ දී පිත්තෙන් සැලකිය යුතු දක්ෂතා දක්වා නොමැති බැවින් මෙම තරගයේ දී මුම්බායි ඉනිම ආරම්භ කළේ කැමරන් ග්‍රීන් සමගින් ඉෂාන් කිෂන්.

ෂර්මා අංක 3 පිතිකරු ලෙස පිටියට පිවිසියේ කැමරන් ග්‍රීන් ලකුණු 6 කට දැවී යාමත් සමඟයි. ඉෂාන් කිෂන් ලකුණු 7 කට දැවී ගියා.

රෝහිත් ෂර්මා ලකුණු නොලබා දැවී ගියේ දීපක් චහාර්ගේ පන්දුවක් හමුවේ රවීන්ද්‍ර ජඩේජා අතට උඩ පන්දුවක් ලබා දීමෙන්.

කඩුලු රකින ක්‍රීඩක එම් එස් දෝනි එම පන්දුව යොමු කිරීමට පෙර කඩුලු රැකීමේ කාර්යය සඳහා කඩුල්ල අසලටම පැමිණීම කැපී පෙනුණා.

ඒ අනුව රෝහිත් ශර්මාට නිදහසේ සිය සීමාව භාවිතා කිරීමට අවස්ථාව නොලැබුණු අතර, ඔහු කඩුලු රකින්නාට ඉහළින් පහරක් එල්ල කිරීමට යාම හේතුවෙනුයි දැවී ගියේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...