රාහුල් වෙනුවට ආදේශක ක්‍රීඩකයෙකු නම් කෙරේ

Date:

ඉන්දීය ක්‍රීඩක කරුන් නායර් ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම සමග මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග සදහා ගිවිසුම් ගත වී තිබෙනවා.

ඒ, ආබාධයකට ලක්වීම හේතුවෙන් අයි.පී.එල් තරගාවලියේ ඉතිරි තරගවලින් හා අයි.සී.සී ලෝක ටෙස්ට් ශුරතාවලියේ අවසන් මහා තරගයෙන් ඉවත් වීමට සිදු වූ ලක්නව් නායක කේ එල් රාහුල් වෙනුවටයි.

පසුගිය සදුදා රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමග පැවැති අයි.පී.එල් තරගයේ දී පන්දු රකිමින් සිටියදී යි කේ එල් රාහුල් පාදයක ආබාධයකට ලක් වුණේ.

ඒ අනුව ඔහු වෙනුවට කරුන් නෙයාර් ඉන්දීය රුපියල් ලක්ෂ 50 ක මුදලකට ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම සමග එක් වී තිබෙනවා.

ඔහු මීට පෙර දිල්ලි ඩෙයාඩෙවිල්ස් (මේ වන විට දිල්ලි කැපිටල්ස්), කිංග්ස් ඉලවන් පංජාබ් (මේ වන විට පංජාබ් කිංග්ස්), කොල්කටා නයිට් රයිඩර්ස්, රාජස්ථාන් රෝයල්ස් හා රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් යන කණ්ඩායම් නියෝජනය කර ඇති අතර, සමස්තයක් ලෙස අයි.පී.එල් තරග 76 කදී ඔහු රැස් කර ගෙන ඇති ලකුණු සංඛ්‍යාව 1,496 ක්.

අයි පී එල් අර්ධ ශතක 10 ක් ද වාර්තා කිරීමට ඔහු සමත්ව තිබෙනවා. ඉන්දියාව වෙනුවෙන් ක්‍රීඩා කළ තුන්වන ටෙස්ට් තරගයේදීම ඔහු ලකුණු 303* ක් වාර්තා කිරීමට සමත්ව තිබුණා.

2017 වසරට පසුව කරුන් නායර් හට ඉන්දීය ජාතික කණ්ඩායමේ ස්ථානයක් හිමිව තිබුණේ නැහැ. එමෙන්ම මෙවර අයි පී එල් තරගාවලිය සඳහා ද ඔහුව කිසිදු කණ්ඩායමක් විසින් මිලඳී ගත්තේ නැහෑ.

මෙවර තරග වාරය වෙනුවෙන් වූ අයි පී එල් ක්‍රීඩක වෙන්දේසියට පෙර ඔහු පල කළ ට්විටර් සටහනක් බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගැනීමට ද සමත්ව තිබූ අතර, මේ වන විට ද එය යළි සමාජයේ කතාබහක් ඇති කිරීමට සමත්ව ඇති බව දක්නට ලැබෙනවා. (ට්විටර් සටහන පහතින්)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...