පාකිස්තානය ලෝකෙන්ම එක වෙයි

Date:

නවතම එක්දින ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණ හිමි කර ගැනීමට පාකිස්තානය අද(5) සමත් වුණා.

ඒ, නවසීලන්තය සමග පැවැති සිව්වැනි එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 102 ක ජයක් වාර්තා කිරීමත් සමගයි.

මෙතෙක් පෙරමුණේ පසු වූ ඔස්ට්‍රේලියාවට මේ වන විට හිමිව ඇත්තේ දෙවැනි ස්ථානයයි.

අද කරච්චිහී දී පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය කඩුලු 6ක් දැවී ලකුණු 334 ක් ලබා ගත්තා. බාබර් අසාම් ලකුණු 107යි.

පිළිතරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්තයට රැස් කිරීමට හැකි වුණේ පන්දුවාර 43.4 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 232 ක් පමණයි.

ඒ අනුව තරග 5කින් යුත් එක්දින තරගාවලිය තරග 4-0 ක් ලෙස මේ වන විට පාකිස්තානය පෙරමුණ ගෙන සිටිනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...