රෂීඩ්, නූර් ටයිටන්ස් පිලට කඩුලු 9 ක දැවැන්ත ජයක් හිමි කර දෙයි

Date:

රෂීඩ් ඛාන් හා නූර් අහ්මඩ් ප්‍රමුඛ පන්දු යවන්නන් දැක් වූ දක්ෂතා හමුවේ මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 48 වැනි තරගයෙන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම පරදා කඩුලු 9ක ජයක් වාර්තා කිරීමට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමත් වුණා.

ජායිපූර්හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් රාජස්ථාන් කණ්ඩායම පන්දුවාර 17.5  ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 118 ක් පමණයි.

සංජු සැම්සන් ලකුණු 30 යි. පන්දු යැවීමේ දී රෂීඩ් ඛාන් ලකුණු 14 කට කඩුලු 3 ක් දවා ගත්තා. නූර් අහ්මඩ් ලකුණු 25 කට බිද හෙලූ කඩුලු ගණන 2 ක්.

පිළිතරු ඉනිම ක්‍රීඩා කළ ටයිටන්ස් පිල පන්දුවාර 13.5 ක් අවසානයේ එක් කඩුල්ලක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

ව්රිධිමන් සහා නොදැවී ලකුණු 41 ක් ද, හර්ඩික් පාන්ඩ්යා නොදැවී ලකුණු 39 ක් ද රැස් කළා. ෂුබ්මන් ගිල් ලකුණු 36 යි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...