රාහුල් IPL තරගාවලියෙන් හා WTC අවසන් තරගයෙන් ඉවතට

Date:

ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමේ නායක කේ එල් රාහුල්ට මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග සියල්ල ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඒ, පසුගිය සදුදා රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමග පැවැති අයි.පී.එල් තරගයේ දී ඔහු මුහුණ දුන් පාදයක ආබාධය හේතුවෙන්.

ආබාධය නිසා ඔහුට ශල්‍යකර්මයකට ද මුහුණ දීමට සිදු වනු ඇති.

ඒ අනුව රාහුල්ට ජූනි 7 වැනිදා ලන්ඩන් නුවර දී ආරම්භ වීමට නියමිත ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරගය ද ක්‍රීඩා කිරීමට හැකි වන්නේ නැහැ.

ඔහු වෙනුවට ඉදිරි අයි.පී.එල් තරගවලදී ලක්නව් කණ්ඩායම කෘනාල් පාන්ඩ්යා විසින් මෙහෙයවීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...