වරුන්ගේ සුපිරි පන්දු යැවීම කොල්කටාවට තියුුණු ජයක් ගෙනෙයි

Date:

තරගයේ අවසන් පන්දුවාර කිහිපයේ දී වරුන් චක්‍රවර්තී දැක් වූ සුපිරි පන්දු යැවීම හමුවේ මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 47 වැනි තරගයෙන් සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම පරදා ලකුණු 5 ක තියුණු ජයක් වාර්තා කිරීමට කොල්කටා නයිට් රයිඩර්ස් කන්ඩායම සමත් වුණා.

හයිදරාබාද්හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් කොල්කටා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 9 ක් දැවී ලකුණු 171 ක් ලබා ගත්තා.

172 ක ඉලක්කයක් හඹා ගිය සන්රයිසස් කණ්ඩායමට පන්දුවාර 20 තුළ කඩුලු 8ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 166 ක් පමණයි.

ඒඩ්න් මාක්‍රම් ලකුණු 41 කට දැවී ගිය අතර, හෙන්රික් ක්ලාසෙන් ලකුණු 36 යි. අබ්දුල් සමාද් ලකුණු 21 ක් හා රාහුල් ත්‍රිපාති ලකුණු 20 ක් රැස් කළා.

ඉනිමේ 16 වැනි, 18 වැනි හා 20 වැනි පන්දුවාර වරුන් චක්‍රවර්තී විසින් ලකුණු 12 කට පමණක් යොමු කිරීම තරගයේ ජය කොල්කටා පිලට හිමි වීමට බෙහෙවින් බලපානු ලැබුවා. 16 වැනි පන්දුවාරය ආරම්භ වන විට, එනම් අවසන් පන්දු 30 තුළ දී සන්රයිසස් කණ්ඩායමට තරගය ජය ගැනීම සදහා අවශ්‍යව තිබුණේ ලකුණු 38 ක් පමණයි.

අවසන් පන්දුවාරයේ දී තරගය ජය ගැනීමට ලකුණු 9 ක් අවශ්‍ය වූ නමුත්, චක්‍රවර්තී යොමු කළ එම පන්දුවාරයේ දී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 3 ක් පමණයි.

චක්‍රවර්තී සිය පන්දුවාර 4 තුළදී ලකුණු 20 කට එක් කඩුල්ලක් බිද හෙලුවා.Vaibhav Arora හා ශර්දුල් තාකූර් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් කොල්කටා කණ්ඩායම වෙනුවෙන් රින්කු සිං ලකුණු 46 ක් හා නිටිෂ් රානා ලකුණූ 42 ක් රැස් කළා. පන්දු යැවීමේ දී මාර්කෝ ජන්සෙන් හා ටී නටරාජන් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...