චමරි, හර්ෂිතා හා ඕෂදීගේ දක්ෂතා හමුවේ ශ්‍රී ලංකාවට ලකුණු 58 ක ජයක්

Date:

සංචාරක බංග්ලාදේශ කාන්තා කණ්ඩායම සමග පැවැති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 58 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද(4) සමත් වුණා.

කොළඹ එස් එස් සී ක්‍රීඩාංගනයේ පැවැති මෙම තරගය ආරම්භ කිරීම පැය කිහිපයකින් ප්‍රමාද කිරීමට සිදු වුණේ ඇද හැලී තිබූ වර්ෂාව හේතුවෙන් ක්‍රීඩාංගනය තරගය ආරම්භ කිරීමට සුදුසු මට්ටමක නොතිබූ බැවින්.

ඒ අනුව තරගය එක් ඉනිමක් පන්දුවාර 30 කට සීමා කරමින් ආරම්භ කෙරුණු අතර, කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදීමට ශ්‍රී ලංකාව තීරණය කළා.

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් නියමිත පන්දුවාර 30 අවසන් කළේ කඩුලු 5 ක් දැවී ලකුණු 186 ක් ලබා ගනිමින්.

නායිකා චමරි අතපත්තු ලකුණු 64 ක් රැස් කළේ පන්දු 60 කින්. හයේ පහර 4 ක් හා හතරේ පහර 6 ක් ඇයගේ ඉනිමට ඇතුළත්. හර්ෂිතා සමරවික්‍රම නොදැවී ලකුණු 45 යි.

කවීෂා දිල්හාරි ලකුණු 25 ක් හා විශ්මි ගුණරත්න ලකුණු 17 ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශයට පන්දුවාර 29.5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 128 ක් පමණයි.

නායිකා Nigar Sultana ලකුණු 37ක්ද, Fargana Hoque ලකුණු 24 ක් ද ලබා ගත්තා.

විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ ඕෂදී රණසිංහ කඩුලු 5 ක් දවා ගත්තේ ලකුණු 34 ක් ලබා දෙමින්.

දෙරට අතර පැවැති පළමු එක්දින තරගය වර්ෂාව හේතුවෙන් ප්‍රතිපලයකින් තොරව නිමා වූ අතර, ඒ අනුව ශ්‍රී ලංකාව මේ වන විට තරග 3කින් යුත් එක්දින තරගාවලිය තරග 1-0 ක් ලෙස පෙරමුණ හිමි කර ගෙන සිටිනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...