බැලන්ස්ට සති 8ක තහනමක් හා පවුම් 8,000 ක දඩයක් නිර්දේශ කෙරේ

Date:

මෑතකදී ක්‍රිකට් පිටියෙන් සමු ගත් එංගලන්ත හා සිම්බාබ්වේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක ගැරී බැලන්ස්ට එරෙහිව සති 8ක තහනමක් හා පවුම් 8,000 ක දඩයක් පැනවීමට එංගලන්ත ක්‍රිකට් ආයතනය නිර්දේශ කර තිබෙනවා.

ඒ, යෝක්ෂයර් කණ්ඩායම නියෝජනය කරන කාලයේ දී එම කණ්ඩායමේ සිටි අසීම් රෆික්ට එරෙහිව ජාතිවාදී ප්‍රකාශ සිදු කිරීමේ වරද හේතුවෙන්.

මීට අමතරව අදාළ වරද හේතුවෙන් තවත් හිටපු ක්‍රීඩකයින් 5 දෙනෙකුට එරෙහිව දඩ හා තහනම් පැනවීමට ද එරට ක්‍රිකට් ආයතනය නිර්දේශ කර තිබෙනවා.

අසීම් රෆික් කණ්ඩායමේ රැදී සිටි කාලයේ දී යෝක්ෂයර් කණ්ඩායමේ ක්‍රීඩකයින් ලෙස හා පුහුණුකරුවන් ලෙස කටයුතු කළ Matthew Hoggard, Tim Bresnan, Andrew Gale, Richard Pyrah හා John Blain යන පුද්ගලයින්ට එරෙහිවයි එම දඩුවම් නිර්දේශ කර ඇත්තේ.

ස්වාධීන ත්‍රිපුද්ගල ක්‍රිකට් විනය කොමිසමක් හමුවේ මෙම සිද්ධිය විභාගයට ගැණුනු අතර, එහිදී අදාළ ක්‍රීඩකයින් වරදකරුවන් බවට පත් වුණා.

2009 වසරේ දී ජාතිවාදී ප්‍රකාශයක් සිදු කළ බවට එල්ල වූ චෝදනාවලින් හිටපු එංගලන්ත නායකයෙකු වන මයිකල් වෝන් නිදහස් කිරීමට ද මීට පෙර මෙම කොමිසම කටයුතු කළා.

ලැබී ඇති නිර්දේශ පිළිබද සාකච්ඡා කර ක්‍රිකට් විනය කොමිසම විසින් අවසන් තීන්දු ඉදිරියේ දී ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...