ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම 20යි 20 තරගාවලියක් සදහා ජපානයට

Date:

ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම ජපානයේ තරග සංචාරයක් සදහා මෙම මාසයේ දී එක්වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

ජපන් ක්‍රිකට් සංගමය කළ ඉල්ලීමකට අනුව මෙම තරග සංචාරය සිදු කරන බවයි ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

සංචාරයේ දී ජපාන ජාතික කණ්ඩායම හා ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම අතර 20යි 20 තරග 5 ක් පැවැත්වීමට නියමිතයි.

2024 අයි.සී.සී පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම සදහා ජූලි මාසයේ දී පැවැත්වෙන නැගෙනහිර ආසියා පැසිෆික් කලාපීය අවසන් තරගාවලියට සූදානම් වීමේ අරමුණින් මෙම තරගාවලිය පැවැත්වීමට ජපානය තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම මැයි 8 වැනිදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.

20යි 20 තරගාවලිය මැයි 10 වැනිදා සිට 15 වැනිදා දක්වා Sano ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

තරග කාලසටහන –

SLC

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...