Watch : තීක්ෂණ පිට පිට පන්දු දෙකකදී දවා ගත් කඩුලු 2

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ අද(3) පස්වරුවේ ආරම්භ වූ තරගාවලියේ 45 වැනි තරගයේ දී තමන් යොමු කළ පළමු පන්දුවාරයේ දී ම පිට පිට පන්දු දෙකකදී කඩුලු 2 ක් දවා ගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ මහීෂ් තීක්ෂණ සමත් වුණා.

ලක්නව් හී දී ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත් වූ අතර, ඒ අනුව ඔවුන් ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමට එරෙහිව පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

ලක්නව් ඉනිමේ 6 වැනි පන්දුවාරය තීක්ෂණ විසින් යොමු කළා. එම පන්දුවාරයේ සිව්වැනි හා 5 වැනි පන්දුවලදීයි තීක්ෂණ කඩුලු 2 ක් දවා ගත්තේ.

ඔහුගේ පන්දු හමුවේ ආරම්භක පිතිකරු මනන් වොහ්රා ලකුණු 10 කටත්, කෘනාල් පාන්ඩ්යා ලකුණු නොලබා පළමු පන්දුවෙනුත් දැවී ගියා.

වොහ්රා දැවී ගියේ පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදීමෙන්. ස්ලිප් ක්‍රීඩක අජින්කෙයා රහානේ අතට උඩ පන්දුවක් ලබා දී පාන්ඩ්යා දැවී ගියා.

එම කඩුලු දෙකේ දර්ශන පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...