ප්‍රභාත් අයි.සී.සී සම්මානයකට නිර්දේශ කෙරේ

Date:

අප්‍රේල් මාසයේ අයි.සී.සී ක්‍රිකට් ක්‍රීඩකයා හා ක්‍රීඩිකාව සදහා වන නිර්දේශිත නාම ජගත් ක්‍රිකට් කවුන්සලය (අයි.සී.සී) විසින් අද(3) ප්‍රකාශයට පත් කළා.

එම සම්මාන සදහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තිදෙනෙකු බැගින් නිර්දේශ කිරීමටයි අයි.සී.සීය පියවර ගෙන ඇත්තේ.

ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය ද අප්‍රේල් මාසයේ අයි.සී.සී ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය සදහා නිර්දේශ කර තිබෙනවා.

ඒ, අයර්ලන්තය සමග පැවැති තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියේ දී කඩුලු 17 ක් දවා ගනිමින් ඔහු දැක් වූ දක්ෂතා හේතුවෙන්.

මීට පෙර 2022 ජූලි මාසයට අදාළ අයි.සී.සී මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය ද ප්‍රභාත් ජයසූරිය විසින් දිනා ගත්තා.

අප්‍රේල් මාසයේ අයි.සී.සී ක්‍රිකට් ක්‍රීඩකයා සදහා වන නිර්දේශිත නාම අතරට නවසීලන්තයේ මාර්ක් චැප්මන් හා පාකිස්තානයේ ෆකාර් සමාන් ද ඇතුළත්.

අප්‍රේල් මාසයේ අයි.සී.සී ක්‍රිකට් ක්‍රීඩිකාව සදහා වන නිර්දේශිත නාම වන්නේ Naruemol Chaiwai (Thailand) Kavisha Egodage (UAE) හා Kelis Ndlovu (Zimbabwe).

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...