ප්‍රභාත්, රමේෂ් ප්‍රමුඛ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් රැසක් ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට

Date:

නවතම ක්‍රිකට් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් ජගත් ක්‍රිකට් කවුන්සලය (අයි.සී.සී) විසින් අද(3) ප්‍රකාශයට පත් කළා.

ඊට අනුව අයර්ලන්තයට එරෙහි දෙවැනි ටෙස්ට් තරගයේ දී ඉහළ දක්ෂතා දැක් වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් රැසක් ශ්‍රේණිගත කිරීම්හි තවදුරටත් ඉදිරියට පැමිණ තිබීම විශේෂත්වයක්.

පළමු ටෙස්ට් තරගයේ දී කඩුලු 10 ක් දවා ගත් දග පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය දෙවැනි ටෙස්ට් තරගයේ දී කඩුලු 7 ක් දවා ගැනීමට සමත් වූ අතර, ඒ අනුව ඔහු නවතම ටෙස්ට් පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි 13 වැනි ස්ථානය දක්වා ස්ථාන 6 කින් ඉදිරියට පැමිණ තිබෙනවා.

දෙවැනි ඉනිමේ දී කඩුලු 5 ක් දවා ගත් රමේෂ් මෙන්ඩිස් ස්ථාන 10 කින් ඉදිරියට පැමිණ තිබීම කැපී පෙනෙනවා. ඔහු මේ වන විට රැදී සිටින්නේ 22 වැනි ස්ථානයේයි.

වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු 45 වැනි ස්ථානය දක්වා ස්ථාන 9කින් ඉදිරියට පැමිණීමට ද සමත්ව තිබෙනවා.

මේ අතර, ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හි 22 වැනි ස්ථානය දක්වා එක් ස්ථානයකින් ඉදිරියට පැමිණීමට ඇන්ජෙලෝ මැතිව්ස් සමත්ව තිබෙනවා.

දෙවැනි ටෙස්ට් තරගයේ ලකුණු 245 ක් වාර්තා කළ කුසල් මෙන්ඩිස් 39 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත්තේ ස්ථාන 3කින්. දිමුත් කරුණාරත්න තවදුරටත් 9 වැනි ස්ථානයේ රැදී සිටිනවා.

මේ අතර, මේ වන විට අඛණ්ඩව එක්දින ශතක 3ක් වාර්තා කර සිටින පාකිස්තානයේ ෆකාර් සමාන් එක්දින පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හි දෙවැනි ස්ථානය දක්වා ස්ථාන 3 කින් ඉදිරියට පැමිණ තිබෙනවා. එක්දින පිතිකරුවන් අතර පෙරමුණේ පසුවන්නේ පාකිස්තානයේම බාබර් අසාම්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...