23 ට කඩුලු 5ක් දැවී ගිය දිල්ලිය ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පහර දෙයි

Date:

අයි.පී.එල් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 131 ක් ආරක්ෂා කර ගනිමින් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 44 වැනි තරගයෙන් ලකුණු 5 ක තියුණු ජයක් වාර්තා කිරීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම අද(2) සමත් වුණා.

කෙසේ වෙතත්, තරග 9කින් තරග 3 ක් පමණක් ජය ගෙන ඇති දිල්ලියට තවදුරටත් ප්‍රසාද ලකුණු සටහනේ හිමිව ඇත්තේ අවසන් ස්ථානයයි.

අහ්මදාබාද් හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 8 ක් දැවී ලකුණු 130 ක් ලබා ගත්තා.

ඒ ඉනිමේ 5 වැනි කඩුල්ල ලකුණු 23 දී බිද වැටුණු පසුබිමකයි. පිල් සෝල්ට් තරගයේ පළමු පන්දුවෙන්ම දැවී ගියා. ඩේවිඩ් වෝනර් ලකුණු 2යි. ප්‍රියාම් ගර්ග් ලකුණු 10 කටත්, රයිලි රොසෝව් ලකුණු 8කටත්, මනීෂ් පාන්ඩේ එක් ලකුණකටත් දැවී ගියා. වෝනර් දුවද්දී දැවී යාමකට හසු වූ අතර, සෙසු කඩුලු හතරම දවා ගත්තේ මොහමඩ් ෂාමි විසින්.

අමාන් හකීම් ඛාන් පන්දු 44 කින් ලකුණු 51 ක් ලබා ගනිමින් දිල්ලි පිල සටන්කාමී ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යාමට සමත් වුණා. අක්සාර් පටෙල් ලකුණු 27 ක් හා රිපාල් පටෙල් ලකුණු 23 ක් ලබා ගනිමින් දිල්ලි පසුපෙල ශක්තිමත් කළා.

මොහමඩ් ෂාමි සිය පන්දුවාර 4 තුළදී කඩුලු 4 ක් දවා ගත්තේ ලකුණු 11 ක් පමණක් ලබා දෙමින්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 125 ක් පමණයි.

ව්රිධිමන් සහා ලකුණු නොලබා දැවී ගිය අතර, ෂුබ්මන් ගිල් හා විජයි ශන්කර් රැස් කළේ ලකුණු 6 බැගින් පමණයි. ඩේවිඩ් මිලර් ලකුණු ලබා ගැනීමට පෙර දැවී ගියා. ඔවුන්ගේ සිව්වැනි කඩුල්ල ලකුණු 32 දී බිද වැටුණා.

අභිනව් මනෝහාර් ලකුණු 26 යි. රාහුල් තෙවාටියා පන්දු 7 කින් ලකුණු 20 ක් ලබා ගත්තේ 19 වැනි පන්දුවාරයේ දී අන්රික් නොකියාට එරෙහිව පිට පිට හයේ පහර 3ක් ද එල්ල කරමින්. කෙසේ වෙතත්, එය ජයග්‍රහනය සදහා ප්‍රමාණවත් වූයේ නැහැ. හර්ඩික් පාන්ඩ්යා නොදැවී ලකුණු 59 යි.

පන්දු යැවීමේ දී කලීල් අහ්මඩ් හා ඉෂාන්ට් ෂර්මා කඩුලු 2 බැගින් දවා ගත්තා. කුල්දීප් යාදව් එක් කඩුල්ලක් බිද හෙලුවේ ලකුණු 15 ක් පමණක් ලබා දෙමින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...