උණුසුම් වචන හුවමාරුවෙන් පසු කෝලිට, ගම්භීර්ට හා නවීන්ට වැඩ වරදියි

Date:

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ ආරම්භක පිතිකරු විරාත් කෝලිට, ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක නවීන් උල් හක්ට හා ලක්නව් කණ්ඩායමේ උපදේශක ගෞතම් ගම්භීර්ට එරෙහිව දඩුවම් නියම කිරීමක් සිදු කිරීමට ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ සංවිධායකයින් පියවර ගෙන තිබෙනවා.

ඒ, මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ ඊයේ (1) රාත්‍රියේ පැවැති තරගාවලියේ 43 වැනි තරගයෙන් පසුව ඇති වූ උණුසුම් වචන හුවමාරුව හේතුවෙන්. 

ඒ අනුව කෝලිට හා ගම්භීර්ට තරග ගාස්තුවෙන් 100% ක දඩ පැනවීමක් සිදු කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

නවීන් උල් හක්ට තරග ගාස්තුවෙන් 50% ක දඩ නියම කිරීමක් සිදු කර තිබෙනවා.

ලක්නව් හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් බැංගලෝර් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 9ක් දැවී ලකුණු 126 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ලක්නව් පිලට පන්දුවාර 19.5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 108 ක් පමණයි. ඒ අනුව මෙම තරගයෙන් ලකුණු 18ක ජයක් වාර්තා කිරීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමත් වුණා.

තරගයෙන් අනතුරුව දෙපිලේ ක්‍රීඩකයින් හා පුහුණුකරුවන් අතට අත දී ආචාර කර ගන්නා අවස්ථාව අතරතුර දී යි අදාළ උණුසුම් වචන හුවමාරුව සිදු වුණේ. (දර්ශන පහතින්)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...