ජයිස්වාල්ගේ ශතකය අපතේ යවමින් ඩේවිඩ්ගේ හයේ ත්‍රිත්වය 1,000 වැනි තරගයෙන් මුම්බායට ජය ගෙනෙයි

Date:

යශස්වි ජයිස්වාල්ගේ සුපිරි ශතකය අපතේ යවමින් පන්දු 14 කින් ටිම් ඩේවිඩ් නොදැවී ලබා ගත් ලකුණු 45 හමුවේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලි ඉතිහාසයේ 1,000 වැනි තරගයෙන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම පරදා කඩුලු 6ක වාර්තාගත ජයක් ලැබීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අද(30) සමත් වුණා.

මෙවර තරගාවලියේ 42 වැනි තරගය වූ මෙම තරගය මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාංගනයේ දී පැවැති අතර, තරගය ජය ගැනීම සදහා ලකුණු 213 ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය මුම්බායි කණ්ඩායම ඉනිම නිමා වීමට පන්දු 3 ක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

ජේසන් හෝල්ඩර් යොමු කළ තරගයේ අවසන් පන්දුවාරයේ දී ජයග්‍රහනය සදහා මුම්බායි පිලට ලකුණු 17 ක් අවශ්‍ය වූ අතර, ටිම් ඩේවිඩ් පළමු පන්දු තුනටම හයේ පහර 3 ක් එල්ල කරමින් සිය කණ්ඩායමට අනර්ඝ ජයග්‍රහනයක් හිමි කර දුන්නා. (දර්ශන පහතින්) ඔහු රැස් කළ ලකුණු 45 ට හයේ පහර 5 ක් හා හතරේ පහර 2 ක් ඇතුළත් වුණා.

මෙය මුම්බායි ක්‍රීඩාංගනයේ දී ලකුණු 200 කට වැඩි ලකුණු ප්‍රමාණයක් සාර්ථකව හඹා ගොස් කණ්ඩායමක් IPL තරගයක් ජය ගත් පළමු අවස්ථාව ලෙසයි ඉතිහාසගත වුණේ.

සූර්යකුමාර් යාදව් පන්දු 29 කින් ලකුණු 55 ක් ද, කැමරන් ග්‍රීන් පන්දු 26 කින් ලකුණු 44 ක් ද ලබා ගනිමින් මුම්බායි හඹා යාම ශක්තිමත් කළා. තිලක් වර්මා නොදැවී ලකුණු 29 යි. පන්දු යැවීමේ දී ආර් අශ්වින් ලකුණු 27 කට කඩුලු 2 ක් දවා ගත්තා.

තරගයේ කාසියේ වාසිය දිනූ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ නායක සංජු සැම්සන් පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර, ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේ ලකුණු 212 ක් ලබා ගත්තේ කඩුලු 7 ක් දැවී සිටියදීයි.

යශස්වි ජයිස්වාල් පන්දු 62 ක් පමණක් වැය කරමින් ලකුණු 124 ක් රැස් කළේ හයේ පහර 8 ක් හා හතරේ පහර 16 ක් සමගින්. ජොස් බට්ලර් ලකුණු 18යි

පන්දු යැවීමේ දී අර්ෂාද් ඛාන් ලකුණු 39 කට කඩුලු 3 ක් දවා ගත් අතර, පියුෂ් චවුලා ලකුණු 34 කට කඩුලු 2 ක් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...