Watch : ඉනිම අවසන් කිරීමට දෝනි එල්ල කළ සුපිරි හයේ පහර 2

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ අද(30) පස්වරුවේ චෙන්නායි හී දී ආරම්භ වූ 41 වැනි තරගයේ දී සුපිරි හයේ පහර 2ක් එල්ල කරමින් ප්‍රේක්ෂකයින්ගේ දැඩි අවධානය යළි දිනා ගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ නායක මහේන්ද්‍ර සිං දෝනි සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් චෙන්නායි කණ්ඩායම නියමිත පන්දුවාර 20 නිමා කළේ කඩුලු 4 ක් දැවී ලකුණු 200 ක් ලබා ගනිමින්.

ඩෙවෝන් කොන්වේ නොදැවී ලකුණු 92යි. පන්දු 52 කින් හයේ පහරක් හා හතරේ පහර 16 ක් සමගින් ඔහු එම ඉනිම ගොඩ නැගුවා.

විශිෂ්ඨ ලෙස ඉනිම් අවසන් කරන්නෙකු ලෙස ප්‍රකට එම් එස් දෝනි අවසන් පන්දුවාරයේ දී පිතිකරණයේ නිරත වීමට පිටියට පිවිසි අතර, ඔහු පන්දු 4 කින් නොදැවී ලබා ගත් ලකුණු ප්‍රමාණය 13 ක්.

ඒ, ඉනිමේ අවසන් පන්දු දෙකට එල්ල කළ සුපිරි හයේ පහර 2 ත් සමගින්. (දර්ශන පහතින්)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...