මාෂ්, සෝල්ට් ප්‍රහාරය අභිබවා අභිෂේක්ගේ හා ක්ලාසන්ගේ සුපිරි ඉනිම් සන්රයිසස් පිලට ජය ගෙනෙයි

Date:

අභිෂේක් ෂර්මා හා හෙන්රික් ක්ලාසෙන් රැස් කළ අර්ධ ශතක හමුවේ මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 40 වැනි තරගයෙන් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම පරදා ලකුණු 9ක ජයක් වාර්තා කිරීමට සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම අද(29) සමත් වුණා.

දිල්ලි හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් සන්රයිසස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 197 ක් ලබා ගත්තා.

අභිෂේක් පන්දු 36 කින් ලකුණු 67 ක් රැස් කළා. හතරේ පහර 12 ක් හා හයේ පහරක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

හෙන්රික් ක්ලාසන් පන්දු 27 ක් වැය කරමින් ලකුණු 53 ක් නොදැවී වාර්තා කළා. හයේ පහර 4 ක් හා හතරේ පහර 2 ක් ඔහුගේ ඉනිම වර්ණවත් කළා.

විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ මිචෙල් මාෂ් ලකුණු 27 කට කඩුලු 4 ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කැපිටල්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලබා ගත්තේ ලකුණු 188 ක් පමණයි.

පිල් සෝල්ට් ලකුණු 59 ක් පන්දු 35 කින් ද, මිචෙල් මාෂ් ලකුණු 63 ක් පන්දු 39 කින් ද ලබා ගත්තා. හයේ පහර 6 කින් හතරේ පහරකින් මාෂ්ගේ ඉනිම ශක්තිමත් වුණා.

මැදපෙල පිතිකරුවන්ගෙන් එතරම් සාර්ථක දායකත්වයක් දිල්ල පිලේ හඹා යාමට ලැබුණේ නැහැ. අක්සාර් පටෙල් නොදැවී ලකුණු 29 යි.

පන්දු යැවීමේ දී මයාන්ක් මාකන්ඩේ ලකුණු 20 කට කඩුලු 2 ක් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...