ෆකාර්ගේ 180* හමුවේ සුපිරි හඹා යාමකින් පාකිස්තානයට වාර්තාගත ජයග්‍රහනයක්

Date:

ෆකාර් සමාන් නොදැවී වාර්තා කළ ලකුණු 180 හමුවේ සංචාරක නවසීලන්ත කණ්ඩායම සමග පැවැති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 7 ක සුපිරි ජයක් වාර්තා කිරීමට පාකිස්තාන කණ්ඩායම සමත් වුණා.

මෙරට වේලාවෙන් අද(30) අලුයම නිමා වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනූ පාකිස්තානයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය කඩුලු 5 ක් දැවී ලකුණු 336 ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තානය පන්දුවාර 48.2 ක් අවසානයේ කඩුලු 3 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කිරීම කැපී පෙනුණා.

මෙය පාකිස්තානය එක්දින ඉතිහාසයේ දී තරගයක් සාර්ථක ලෙස හඹා ගොස් ජය ගත් දෙවැනි ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසයි වාර්තා අතරට එක් වුණේ.

ෆකාර් සමාන් නොදැවී ලකුණු 180 ක් ලබා ගත්තේ පන්දු 144 කින්. හයේ පහර 6 කින් හා හතරේ පහර 17 කින් ඔහුගේ සුවිශේෂී ඉනිම වර්ණවත් වුණා.

බාබර් අසාම් ලකුණු 65 ක් හා මොහමඩ් රිස්වාන් නොදැවී ලකුණු 54 ක් රැස් කරමින් පාකිස්තානයේ සුපිරි හඹා යාම තවදුරටත් ශක්තිමත් කළා.

රාවල්පින්ඩි හි පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය වෙනුවෙන් ඩැරල් මිචෙල් පන්දු 119 කින් ලකුණු 129 ක් රැස් කළේ හයේ පහර 3කින් හා හතරේ පහර 8කින් සිය ඉනිම වර්ණවත් කර ගනිමින්.

නායක ටොම් ලේතම් ලකුණු 98 (85) කට දැවී ගියා. චැඩ් බොවුස් ලකුණු 51යි. හැරිස් රවුෆ් ලකුණු 78 ක් ප්‍රතිවාදීන්ට ලබා දී කඩුලු 4 ක් දවා ගැනීමට සමත් වුණා.

ඒ අනුව තරග 5 කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය මේ වන විට තරග 2 – 0 ක් ලෙස පෙරමුණ ගෙන සිටින්නේ පාකිස්තානයයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...