ඉෆ්ටිකාර් අහ්මඩ් පාකිස්තාන සංචිතයට ආදේශ කෙරේ

Date:

නවසීලන්තය සමග පැවැත්වෙන තරග 5 කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් තරග 3 සදහා තුන් ඉරියව් ක්‍රීඩක ඉෆ්ටිකාර් අහ්මඩ් පාකිස්තාන සංචිතයට ආදේශ කර තිබෙනවා.

ඒ, ආබාධයකට ලක් වූ හැරිස් සොහායිල් වෙනුවටයි. පළමු එක්දින තරගයට පෙර පැවැති පුහුණුවීම් අතරතුර දී ඔහුගේ වම් උරහිසෙහි මෙම ආබාධය සිදු වුණා.

ඒ හේතුවෙන් ඔහුට පළමු එක්දින තරග දෙක අහිමි වූ අතර, සංචිතයට ආදේශ කෙරුණු ඉෆ්ටිකාර් අහ්මඩ් කරච්චි හී දී සංචිතය සමග එක්වීමට නියමිතයි.

රාවල්පින්ඩි හි පැවැති පළමු එක්දින තරග දෙක ජය ගත් පාකිස්තානය මේ වන විට තරග 2-0 ක් ලෙස තරගාවලියේ පෙරමුණ හිමි කර ගෙන සිටින අතර, අවසන් එක්දින තරග 3 ක්‍රීඩා කිරීම සදහා පාකිස්තාන සංචිතය අද(30) කරච්චි වෙත පිටත්ව යාමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...