මිචෙල්ගේ ශතකය අපතේ යවමින් ෆකාර්ගේ 117 හා ඉමාම්ගේ 60 පාකිස්තානයට ජය ගෙනෙයි

Date:

ෆකාර් සමාන්ගේ 9 වැනි එක්දින ශතකය හා නසීම් ශාහ්ගේ විශිෂ්ඨ පන්දු යැවීම හමුවේ සංචාරක නවසීලන්ත කණ්ඩායම සමග පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 5ක ජයක් වාර්තා කිරීමට පාකිස්තාන කණ්ඩායම සමත් වුණා.

මෙය පාකිස්තානය ලැබූ සිය 500 වැනි එක්දින ජයග්‍රහනය වන අතර, ඒ අනුව ඔවුන් ඉතිහාසගත වුණේ එක්දින තරග 500 ක් ජය ගත් තෙවැනි රට ලෙසයි. ඔවුන් එම කඩඉමට ළගා වුණේ එක්දින තරග 949 ක් ක්‍රීඩා කරමින්. ඒ අනුව එක්දින තරග 500 ක් ජය ගැනීමට දෙවැනි අඩුම තරග සංඛ්‍යාවක් ක්‍රීඩා කර රට බවට ද පාකිස්තානය පත් වුණා. ඔස්ට්‍රේලියා එම කඩඉමට ළගා වී තිබුණේ තරග 811 ක් පමණක් ක්‍රීඩා කරමින්.

රාවල්පින්ඩිහී දී පැවැති තරගය ජය ගැනීම සදහා ලකුණු 289 ක ඉලක්කයක් හඹා ගිය පාකිස්තානය ඉනිම නිමා වීමට පන්දු 9ක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 5 ක් දැවී සිටියදීයි.

ෆකාර් සමාන් පන්දු 114 කින් ලකුණු 117 ක් රැස් කළේ  හයේ පහරක් හා හතරේ පහර 13 ක් සමගින්. ඔහුගේ ආරම්භක සගයා වූ ඉමාම් උල් හක් ලකුණු 60 යි. පළමු කඩුල්ල සදහා ඔවුන් දෙදෙනා අතර ලකුණු 124 ක සම්බන්ධතාවයක් ගොඩ නැගුණා.

නායක බාබර් අසාම් ලකුණු 49 ක් රැස් කළ අතර, මොහමඩ් රිස්වාන් නොදැවී ලකුණු 42 යි. පන්දු යැවීමේ දී ඇඩම් මිල්න් කඩුලු 2 ක් දවා ගත්තා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය ලකුණු 288 ක් රැස් කළේ කඩුලු 7ක් දැවී සිටියදීයි. නවසීලන්ත ඉනිම වෙනුවෙන් ඩැරල් මිචෙල් ලකුණු 113 ක් රැස් කළා. විල් යන්ග් ලකුණු 86 යි.

පන්දු යැවීමේ දී ශහීන් අෆ්රිඩි, නසීම් ශාහ් හා හැරිස් රවුෆ් කඩුලු 2 බැගින් දවා ගත්තා. නසීම් ශාහ් සිය පන්දුවාර 10 තුළදී ලබා දුන්නේ ලකුණු 29 ක් පමණයි.

මෙම ජයත් සමග තරග 5කින් යුත් එක්දින තරගාවලිය තරග 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමට පාකිස්තානය සමත් වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...