Lunch Report : ශ්‍රී ලංකාව ජයග්‍රහනයට තවත් කඩුලු 5ක් පිටුපසින්

Date:

ශ්‍රී ලංකාව හා අයර්ලන්තය අතර ගාල්ලේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ අවසන් දිනය අදයි(28).

දිනය ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි අයර්ලන්තය කඩුලු 2 ක් දැවී ලකුණු 54ක් ලබා සිටි අතර, දිවා ආහාරය සදහා තරගය නතර කරන විට ඔවුන් කඩුලු 5 ක් දැවී ලකුණු 121 ක් ලබා සිටියා.

ඒ අනුව ඉනිමක පරාජයෙන් ගැළවීමටනම් ඔවුන් කඩුලු 5ක් අතැතිව තවත් ලකුණු 91 ක් ලබා ගත යුතුයි.

නොදැවී පන්දුවට පහර දෙන නායක ඇන්ඩි බැල්බර්නි ලකුණු 29 ක් හා හැරී ටෙක්ටර් ලකුණු 35 ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

දිනය ආරම්භ කරන විට ඇන්ඩි බැල්බර්නි ලකුණු 18 ක් හා හැරී ටෙක්ටර් ලකුණු 7 ක් ලබා කඩුල්ලේ රැදී සිටි අතර, අසිත ප්‍රනාන්දු යොමු කළ කෙටි පන්දුවක් හිස් ආවරණයේ වැදීමෙන් සිදු වූ අනතුරක් හේතුවෙන් බැල්බර්නි ලකුණු 24 ක් ලබා සිටියදී පිටියෙන් ඉවත් වුණා.

අනතුරුව පිටියට පිවිසි පෝල් ස්ටර්ලින්ග් දිනයේ පළමු කඩුල්ල ලෙස එක් ලකුණක් ලබා සිටියදී දැවී ගියේ ප්‍රභාත් ජයසූරියට සිය 50 වැනි ටෙස්ට් කඩුල්ල උරුම කරමින්. ඒ අනුව ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් කඩුලු 50 ක් දවා ගත් වේගවත්ම, එනම් අවම තරග සංඛ්‍යාවකින් (තරග 7කින්) එම කඩඉමට ළගා වූ පන්දු යවන්නා වන්නේ ප්‍රභාත් ජයසූරියයි.

එමෙන්ම ප්‍රභාත් ජයසූරිය අද වාර්තා අතරට එක් වුණේ ටෙස්ට් කඩුලු 50 ක් දවා ගත් ලොව වේගවත්ම දග පන්දු යවන්නා ලෙසයි. එමෙන්ම ටෙස්ට් කඩුලු 50 ක් දවා ගත් ලොව සම දෙවැනි වේගවත්ම පන්දු යවන්නා ලෙස ද ප්‍රභාත් ඉතිහාසගත වුණා.

ලෝකන් ටකර් ලකුණු 13 කට දවා ගැනීමට අසිත ප්‍රනාන්දු සමත් වූ අතර, කර්ටිස් කැම්පර් ලකුණු 12 කට දැවී ගියේ රමේෂ් මෙන්ඩිස්ගේ පන්දුවක් හමුවේයි. 5 වැනි කඩුල්ල දැවී යාමෙන් පසු බැල්බර්නි යළි පිතිකරණයේ නිරත වීමට පිටියට පිවිසියා.

ප්‍රභාත් හා මෙන්ඩිස් මේ වන විට කඩුලු 2 බැගින් දවා ගැනීමට සමත්ව තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...