ලෝක ටෙස්ට් ඉතිහාසයටම තුනයි ; ශ්‍රී ලංකාව අද සම කළ දුර්ලභ වාර්තාව මෙන්න

Date:

ශ්‍රී ලංකාව හා අයර්ලන්තය අතර ගාල්ලේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය අද (27) නිමා වුණේ වාර්තා රැසක් අලුත් වෙමින්.

දිනය නිමා කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි අයර්ලන්තය කඩුලු 2 ක් දැවී ලකුණු 54ක් ලබා සිටියා. ඒ අනුව ඉනිමක පරාජයෙන් ගැළවීමටනම් ඔවුන් කඩුලු 8ක් අතැතිව තවත් ලකුණු 158 ක් ලබා ගත යුතුයි.

ශ්‍රී ලංකාව කඩුලු 3 ක් දැවී ලකුණු 704 ක් ලබා සිටියදී සිය පළමු ඉනිම අත්හිටුවීමට අද තීරණය කළා. ශ්‍රී ලංකා පළමු ඉනිම වෙනුවෙන් මුල්පෙල පිතිකරුවන් සිව් දෙනාම ශතක වාර්තා කිරීම කැපී පෙනුණා. ශ්‍රී ලංකා ටෙස්ට් ඉතිහාසයේ එවැනි සිදුවීමක් වූ පළමු අවස්ථාව එයයි.

ලෝක ටෙස්ට් ඉතිහාසයේ දී ද එවැනි සිදුවීමක් වාර්තා වූ තෙවැනි අවස්ථාව මෙය වීම කැපී පෙනෙනවා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු ඉනිමේ දී ශතක වාර්තා කළේ දිමුත් කරුණාරත්න (115), නිශාන් මධුෂ්ක (205), කුසල් මෙන්ඩිස් (245) හා ඇන්ජෙලෝ මැතිව්ස් (100*) යන පිතිකරුවන්.

මෙම වාර්තාව, එනම් පළමු පිතිකරුවන් සිව්දෙනාම ටෙස්ට් ඉනිමකදී ශතක වාර්තා කිරීමට පළමු වරට සමත්ව තිබුණේ 2007 වසරේ දී ඉන්දීය කණ්ඩායමයි.

බංග්ලාදේශයට එරෙහිව මීර්පූර්හි පැවැති ටෙස්ට් තරගයකදී ඉන්දීය මුල්පෙල පිතිකරුවන් සිව්දෙනා වූ දිනේෂ් කාර්තික්, වසීම් ජෆර්, රාහුල් ඩ්‍රාවිඩ් හා සචින් තෙන්ඩුල්කාර් යන පිතිකරුවන් ශතක වාර්තා කළා.

අනතුරුව මෙවැනි දක්ෂතාවයක් දක්වනු ලැබුවේ 2019 වසරේ දී කරච්චි හී දී ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති ටෙස්ට් තරගයකදී පාකිස්තාන කණ්ඩායම විසිනුයි.

ශාන් මසූඩ්, අබිඩ් අලී, අසාර් අලී හා බාබර් අසාම් එම තරගයේ සිය දෙවැනි ඉනිමේ දී ශතක වාර්තා කිරීමට සමත් වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...