අයර්ලන්තය සමග ගාල්ලේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්රිකට් තරගයේ සිව්වන දිනය වන අද (27) දිනයේ දී අයර්ලන්ත දෙවැනි ඉනිමේ පළමු කඩුල්ල දවා ගැනීමට රමේෂ් මෙන්ඩිස් සමත් වුණා.
ඔහුගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් දැවී ගියේ ජේම්ස් මැකලම්. ඔහු දැවී යන විට ලකුණු 10 ක් ලබා සිටියා.
මෙන්ඩිස් දෙවැනි ඉනිමේ දී යොමු කළ සිය පළමු පන්දුවාරයේ දෙවැනි පන්දුවෙනුයි එම කඩුල්ල බිද වැටුණේ. (දර්ශන පහතින්)
අද දිනය ආරම්භ කරන විට ශ්රී ලංකාව එක් කඩුල්ලක් දැවී ලකුණු 357 ක් ලබා සිටි අතර, ඔවුන් සිය පළමු ඉනිම අත්හිටුවීමට තීරණය කළේ කඩුලු 3 ක් දැවී ලකුණු 704 ක් ලබා සිටියදීයි.
තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් අයර්ලන්තය සිය පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 492 ක් රැස් කළා.
— CricDaily24 (@cricday96) April 27, 2023

