Tea Report : ශ්‍රී ලංකාව ලකුණු 158 ක් ඉදිරියෙන්

Date:

ශ්‍රී ලංකාව හා අයර්ලන්තය අතර ගාල්ලේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය අදයි(27). තේ පානය සදහා තරගය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 3 ක් දැවී ලකුණු 650 ක් ලබා සිටියා.

අද දිනයේ දී සිය මංගල ටෙස්ට් ශතකය තම මංගල ද්විත්ව ශතකය බවට පරිවර්තනය කිරීමට නිශාන් මදුෂ්ක සමත් වුණා. ඔහු පන්දු 339 කින් ලකුණු 205 ක් ලබා සිටියදී දැවී ගියේ ඇන්ඩි මැක්බ්‍රයන්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වෙමින්. හයේ පහරක් හා හතරේ පහර 22 ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

කුසල් මෙන්ඩිස් අද සිය 9 වැනි ටෙස්ට් ශතකය වාර්තා කළ අතර, අනතුරුව ඔහු ද එය ද්විත්ව ශතකයක් බවට පරිවර්තනය කිරීමට සමත් වුණා. ඔහු හයේ පහර 11 ක් හා හතරේ පහර 18 ක් සමගින් පන්දු 291 කින් ලකුණු 245 ක් ලබා ගත්තා. එය ගාලු ක්‍රීඩාංගනයේ දී පිතිකරුවෙකු ටෙස්ට් ඉනිමකදී වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාවයි. මෙන්ඩිස් දැවී ගියේ Graham Hume යොමු කළ පන්දුවකට Matthew Humphreys අතට උඩ පන්දුවක් ලබා දෙමින්.

මෙන්ඩිස් එල්ල කළ හයේ පහර 11 වාර්තා අතරට එක් වුණේ ටෙස්ට් ඉනිමකදී පිතිකරුවෙකු වාර්තා කළ සම දෙවැනි වැඩිම හයේ පහර සංඛ්‍යාව ලෙසයි. ටෙස්ට් ඉනිමකදී හයේ පහර 11 බැගින් වාර්තා කිරීමට මීට පෙර තවත් පිතිකරුවන් 5 දෙනෙකු සමත්ව තිබෙනවා. ටෙස්ට් ඉනිමකදී හයේ පහර 12 ක් එල්ල කරමින් වැඩිම හයේ පහර සංඛ්‍යාවක් එල්ල කළ පිතිකරු ලෙස ලෝක වාර්තාවට හිමිකම් කියන්නේ පාකිස්තාන හිටපු ක්‍රිකට් ක්‍රීඩක වසීම් අක්‍රම්.

ඇන්ජෙලෝ මැතිව්ස් නොදැවී ලකුණු 59 ක් හා දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 13 ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා. ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් දිමුත් කරුණාරත්න ලකුණු 115 ක් රැස් කළා.

අද දිනය ආරම්භයේ සිට දිවා ආහාරය දක්වා වූ කාලයේ දී ශ්‍රී ලංකාව පන්දුවාර 35 කදී කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 132 ක් වාර්තා කිරීමට සමත් වුණා. එතැන් සිට තේ පානය දක්වා වූ කාලයේ දී ශ්‍රී ලංකාව පන්දුවාර 31 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 161 ක් වාර්තා කිරීමට සමත් වුණා

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් අයර්ලන්තය සිය පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 492 ක් රැස් කළා. ඒ අනුව ශ්‍රී ලංකාව මේ වන විට පළමු ඉනිමේ දී ඉදිරියෙන් පසුවන ලකුණු සංඛ්‍යාව 158 ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...