තෙවරක් සිය දිවි හානි කර ගැනීමට උත්සාහ කළ මොහොමඩ් ෂාමි

Date:

මොහොමඩ් ෂාමි යනු මේ වන විට ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු බලඇණිය ශක්තිමත් කරන ප්‍රධාන වේග පන්දු යවන්නෙක්.

සීමිත පන්දුවාර තරගවලදී පමණක් නොව ටෙස්ට් තරගවලදී ද ඔහු මේ වන විට ඉන්දීය කණ්ඩායමට අත්‍යවශ්‍ය පන්දු යවන්නෙක් වී අවසන්.

කෙසේ වෙතත්, ඔහු පසුගියදා තරමක ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කළා.

ඒ, රෝහිට් ෂර්මා සමග ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය ඔස්සේ සිදු කළ සංවාදයකදීයි.

එහිදී මොහොමඩ් ෂාමි කියා සිටියේ මීට වසර කිහිපයකට පෙර තමා සිය දිවි හානි කර ගැනීමට අවස්ථා තුනක දී  උත්සාහ කළ බවයි.

තමා ඇතුළු පවුලේ සාමාජිකයින් මහල් නිවාස සංකීර්ණයක 24 වන මහලේ වාසය කළ බවත්, එම මහලින් බිමට පැන තමා සිය දිවි හානි කරගනු ඇතැයි සිය පවුලේ සාමාජිකයින් බියෙන් පසු වූ බවත් ඔහු එහිදී කියා සිටියා.

තමා එකල මුහුණ දුන් පෞද්ගලික ප්‍රශ්න ඊට හේතු වූ බවයි මොහොමඩ් ෂාමි සදහන් කළේ.

“මම හිතන්නේ මගේ පවුලේ සාමාජිකයින් මට උපකාර කළේ නැත්නම්, මට මගේ ක්‍රිකට් ක්‍රීඩාව අහිමි වෙන්න ඉඩ තිබුණා. දැඩි ආතතිය සහ පෞද්ගලික ප්‍රශ්න නිසා මම ඒ දවස්වල සිය දිවි හානි කර ගන්න අවස්ථා තුනකදී උත්සාහ කළා.”

යනුවෙන් 29 හැවිරිදි මොහොමඩ් ෂාමි කියා සිටියා.

“මම ක්‍රිකට් ගැන හිතුවෙම නැහැ. අපි ජීවත් වුණේ 24 වැනි මහලේ. පවුලේ අය බියෙන් හිටියෙ මම බැල්කනියෙන් බිමට පනියි කියල. මගේ සහෝදරයා මට ගොඩක් උදව් කළා. මගේ මිතුරන් දෙතුන් දෙනෙක් පැය 24 පුරාම මං ළග හිටියා. මගේ දෙමව්පියන් මට කිව්වා වෙන දේවල් ගැන හිතන්නේ නැතුව ක්‍රිකට්වලට අවධානය යොමු කරන්න කියල. පසුව මම පුහුණුවීම් ආරම්භ කළා.”

2018 වසරේ මාර්තු මාසයේ දී මොහොමඩ් ෂාමිගේ බිරිද විසින් ඔහුට එරෙහිව ගෘහස්ථ හිංසන චෝදනා පැමිණිල්ලක් පොලීසිය වෙත ඉදිරිපත් කළ අතර, පසුව මොහොමඩ් ෂාමිට සහ ඔහුගේ සහෝදරයාට එරෙහිව නඩු පැවරීමක් ද සිදු කළා.

ඒ හේතුවෙන් ඔහුගේ කොන්ත්‍රාත් ගිවිසුම ද තාවකාලිකව අත්හිටුවීමට ඉන්දීය ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...