Lunch Report : දිමුත්-මදුෂ්ක වාර්තාගත සම්බන්ධතාවය හමුවේ ශ්‍රී ලංකාවෙන් ප්‍රබල පිළිතුරක්

Date:

ශ්‍රී ලංකා කණ්ඩායම හා සංචාරක අයර්ලන්ත කණ්ඩායම අතර ගාල්ලේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අදයි(26).

අද දිනයට තරගය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකාව කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 81 ක් ලබා සිටි අතර, දිවා ආහාරය සදහා තරගය නතර කරන විට ශ්‍රී ලංකාව එක් කඩුල්ලක් දැවී ලකුණු 228 ක් ලබා සිටියා.

ඒ, අයර්ලන්තය සිය පළමු ඉනිමට සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු 492 ට පිළිතුරු වශයෙන්. ඒ අනුව ශ්‍රී ලංකාව මේ වන විට පළමු ඉනිමේ දී පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 264 ක්.

නොදැවී පන්දුවට පහර දෙමින් සිටින නිශාන් මදුෂ්ක සිය මංගල ටෙස්ට් ශතකය වාර්තා කරමින් ලකුණු 104 ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

දිමුත් කරුණාරත්න ලකුණු 115 කට දැවී ගියේ දිවා ආහාරයට පෙර යොමු කෙරුණු අවසන් පන්දුවාරයේ දී යි. ඒ, කර්ටිස් කැම්පර් යොමු කළ පන්දුවක් හමුවේ Matthew Humphreys අතට උඩ පන්දුවක් ලබා දෙමින්.

දිමුත් අද වාර්තා කළේ සිය 16 වැනි ටෙස්ට් ශතකයයි. පන්දු 116 කින් ඔහු ශතකය සම්පූර්ණ කළා. දැවී යන විට පන්දු 133කට මුහුණ දී සිටි ඔහුගේ ඉනිමට හතරේ පහර 15 ක් ඇතුළත්ව තිබුණා. අයර්ලන්තයට එරෙහි පළමු ටෙස්ට් තරගයේ දී ද දිමුත් ශතකයක් වාර්තා කළා.

පන්දු 159 කින් වාර්තා වී ඇති නිශාන් මදුෂ්කගේ ඉනිමට හතරේ පහර 14 ක් ඇතුළත්. ඔහු සිය ශතකය වාර්තා කළේ දැවැන්ත හයේ පහරකින් වීම ද කැපී පෙනුණා.

ඔවුන් දෙදෙනා අතර පළමු කඩුල්ලට ගොඩ නැගුණු ලකුණු 228 ක සම්බන්ධතාවය ගාලු ක්‍රීඩාංගනයේ දී ආරම්භක පිතිකරුවන් දෙදෙනෙකු අතර ගොඩ නැගුණු හොදම ලකුණු සබදතාවයයි. මීට පෙර මාවන් අතපත්තු හා සනත් ජයසූරිය 2000 වසරේ දී දකුණු අප්‍රිකාවට එරෙහිව ලකුණු 193 ක සම්බන්ධතාවයක් පිහිටුවමින් එම වාර්තාව පිහිටුවා තිබුණා.

වර්ෂාව සහිත අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් ඊයේ දිනය සදහා තරගය නියමිත වේලාවට පෙර නිමා කෙරුණු බැවින් අද දිනයේ දී පන්දුවාර 98 ක් යොමු කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව තරගය අද දිනය සදහා මිනිත්තු 15 කට පෙර, එනම් පෙරවරු 09:45 ට ආරම්භ කිරීමට ද පියවර ගැණුනා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...