Tea Report : ශ්‍රී ලංකාව තවත් ලකුණු 135 ක් පිටුපසින්

Date:

ශ්‍රී ලංකා කණ්ඩායම හා සංචාරක අයර්ලන්ත කණ්ඩායම අතර ගාල්ලේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අදයි(26).

තේ පානය සදහා තරගය නතර කරන විට ශ්‍රී ලංකාව එක් කඩුල්ලක් දැවී ලකුණු 357 ක් ලබා සිටියා. ඒ, අයර්ලන්තය සිය පළමු ඉනිමට සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු 492 ට පිළිතුරු වශයෙන්. ඒ අනුව ශ්‍රී ලංකාව මේ වන විට පළමු ඉනිමේ දී පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 135 ක්.

නොදැවී පන්දුවට පහර දෙමින් සිටින නිශාන් මදුෂ්ක සිය මංගල ටෙස්ට් ශතකය වාර්තා කරමින් ලකුණු 149 ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 83 (96) යි. දිමුත් කරුණාරත්න ලකුණු 115 කට දැවී ගියේ දිවා ආහාරයට පෙර යොමු කෙරුණු අවසන් පන්දුවාරයේ දී යි. දිමුත් අද වාර්තා කළේ සිය 16 වැනි ටෙස්ට් ශතකයයි.

නිශාන් මදුෂ්ක හා කුසල් මෙන්ඩිස් අතර මේ වන විට දෙවැනි කඩුල්ල සදහා ලකුණු 129* (171) ක සම්බන්ධතාවයක් ගොඩ නැගී තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...