ශ්රී ලංකාව හා අයර්ලන්තය අතර ගාල්ලේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්රිකට් තරගයේ දෙවැනි දිනය අද(25) ආරම්භ කරමින් යවනු ලැබූ පළමු පන්දුවාරයෙන්ම ලෝකන් ටකර්ගේ කඩුල්ල දවා ගැනීමට විශ්ව ප්රනාන්දු සමත් වුණා.
පළමු දිනය සදහා තරගය ඊයේ නතර කරන විට කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දෙමින් සිටි අයර්ලන්තය කඩුලු 4 ක් දැවී ලකුණු 319 ක් ලබා සිටියා.
නොදැවී පන්දුවට පහර දෙමින් සිටි ලෝකන් ටකර් ලකුණු 78 ක් හා කර්ටිස් කැම්පර් ලකුණු 27 ක් ලබා කඩුල්ලේ රැදී සිටියා.
ඔවුන් දෙදෙනා අතර 5 වැනි කඩුල්ල සදහා ගොඩ නැගුණු සම්බන්ධතාවය ලකුණු 89 කට සීමා කරමින් අද දිනයේ පළමු කඩුල්ල ලෙස ටකර් දැවී ගියා. ඔහු ලකුණු 80ක් ලබා සිටියේ පන්දු 106 කින්.
ටකර් දැවී ගිය අයුරු පහතින් නරඹන්න –
— CricDaily24 (@cricday96) April 25, 2023

