“රමේෂ්ට දීලා තියෙන කාලෙ හොදටම ඇති වැරැදි හදාගන්න”

Date:

ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක රමේෂ් මෙන්ඩිස්ගේ පන්දු යැවීමේ තාක්ෂණික ගැටලු කිහිපයක් පවතින බව ශ්‍රී ලංකා දග පන්දු පුහුණුකරු පියල් විජේතුංග මහතා පවසනවා.

අයර්ලන්තය සමග ගාල්ලේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය අවසානයේ පැවැති මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් ඔහු ඒ බව සදහන් කළා.

මාස ගණනාවක සිට එම වැරැදි සකසා ගැනීමට මේ වන විට කටයුතු කරමින් සිටින බවයි ඔහු පෙන්වා දුන්නේ.

පන්දු යැවීමේ ඉරියව්වක වෙනසක් සිදු කිරීමේ දී පන්දු යවන්නෙකු ඊට අනුගත වීමට සැලකිය යුතු කාලයක් ගන්නා නමුත්, රමේෂ් මෙන්ඩිස්ට ඒ සදහා බලාපොරොත්තු වූ කාලයට වඩා වැඩි කාලයක් ගතව ඇති බව දග පන්දු පුහුණුකරු කියා සිටියා.

නමුත් ඔහුට සිය වැරැදි සකස් කර ගැනීම සදහා මේ වන විට ලබා දී ඇති කාලය හොදටම ප්‍රමාණවත් බවයි පියල් විජේතුංග මහතා අවධාරණය කළේ.

ශ්‍රී ලංකාව වෙනුවෙන් අඩුම ඉනිම සංඛ්‍යාවකදී ටෙස්ට් කඩුලු 50 ක් දවා ගත් පන්දු යවන්නා වන්නේ රමේෂ් මෙන්ඩිස්. අයර්ලන්තයට එරෙහි පළමු ටෙස්ට් තරගයේ දී යි ඔහු එම වාර්තාව පිහිටුවීමට සමත් වුණේ.

මේ අතර, අයර්ලන්තයට එරෙහි දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනයේ දී ශ්‍රී ලංකා පන්දු යවන්නන් බලාපොරොත්තු වූ ප්‍රමිතියට අනුව පන්දු නොයැවූ බව ද ශ්‍රී ලංකා දග පන්දු පුහුණුකරු පියල් විජේතුංග මහතා සදහන් කළා.

පළමු දිනය සදහා තරගය නතර කරන විට කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දෙමින් සිටි අයර්ලන්තය කඩුලු 4 ක් දැවී ලකුණු 319 ක් ලබා සිටියා.

මාධ්‍ය හමුවේ දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...