වනිදු හසරංගටත් රුපියල් ලක්ෂ 24 ක දඩයක්

Date:

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ වැඩබලන නායක විරාත් කෝලිට ඉන්දීය රුපියල් ලක්ෂ 24 ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 94 ක් පමණ) දඩ මුදලක් පැනවීමට කටයුතු කර ඇති බව අයි.පී.එල් තරගාවලියේ සංවිධායකයින් නිවේදනය කළා.

ඒ, පසුගිය 23 වැනිදා රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමග පැවැති තරගයේ දී නියමිත කාලය තුළ පන්දුවාර 20 යවා නිමා නොකිරීම හේතුවෙන්.

මෙම වරද හේතුවෙන් එම තරගයේ 20 වැනි පන්දුවාරය යොමු කිරීමට ද බැංගලෝර් කණ්ඩායමට සිදු වුණේ ක්‍රීඩකයින් 5 දෙනෙකු වෙනුවට ක්‍රීඩකයින් සිව් දෙනෙකු පමණක් යාර 30 සීමාවෙන් පිටත රදවා ගනිමින්.

බැංගලෝර් කණ්ඩායම මෙවර තරග වාරයේ දී මෙම වරද සිදු කළ දෙවැනි අවස්ථාවය මෙයයි.

ඒ හේතුවෙන් එම කණ්ඩායම වෙනුවෙන් අදාළ තරගයට ක්‍රීඩා කළ සෙසු ක්‍රීඩකයින්ට ද (impact substitute ඇතුළුව) ඉන්දීය රුපියල් ලක්ෂ 6ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 24 ක් පමණ) හෝ තරග ගාස්තුවෙන් 25% ක දඩයක් ගෙවීමට සිදු වනවා. ශ්‍රී ලංකාවේ වනිදු හසරංග ද මෙම තරගය සදහා ක්‍රීඩා කළා.

ෆෆ් ඩු ප්ලෙසිස් ආබාධයකට ලක්ව සිටීම හේතුවෙන් පසුගිය තරග දෙකේදීම ඔහු පිතිකරුවෙකු ලෙස පමණක් ක්‍රීඩා කළ අතර, පන්දු රැකීමේ දී impact ක්‍රීඩකයා ලෙස වෙනත් ක්‍රීඩකයෙකු කණ්ඩායමට ආද්ශ කරනු ලැබුවා.

බැංගලෝර් කණ්ඩායම පළමු වරට මෙම වරද සිදු කළේ ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේ දී යි. ඒ අනුව එම තරගයේ නායකයා වූ ඩු ප්ලෙසිස්ට පමණක් ඉන්දීය රුපියල් ලක්ෂ 12 ක දඩයක් පනවනු ලැබුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...