චැප්මන්ගේ සුපිරි ශතකය හා නීශම්ගේ 45* පාකිස්තානයට තරගාවලි ජයක් අහිමි කරයි

Date:

මාර්ක් චැප්මන් පන්දු 57 කින් නොදැවී රැස් කළ ලකුණු 104 හේතුවෙන් පාකිස්තානයට එරෙහිව පැවැති 5 වැනි හා අවසන් 20යි 20 තරගයෙන් අනර්ඝ ජයග්‍රහනයක් වාර්තා කිරීමට සංචාරක නවසීලන්ත කණ්ඩායම සමත් වුණා. ඒ අනුව 20යි 20 තරගාවලිය තරග 2-2 ක් ලෙස සම තත්ත්වයෙනුයි අවසන් වුණේ.

පළමු 20යි 20 තරග දෙකම නවසීලන්තය පරාජයට පත්ව තිබූ පසුබිමකයි ඔවුන් මෙලෙස තරගාවලිය සම මට්ටමෙන් අවසන් කර ගැනීමට සමත් වුණේ. 5 වැනි 20යි 20 තරගයෙන් ලැබූ ජයග්‍රහනය ඉතිහාසගත වුණේ නවසීලන්තය ලැබූ 100 වැනි 20යි 20 ජයග්‍රහනය ලෙසයි.

තරගය ජය ගැනීම සදහා ලකුණු 194 ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය නවසීලන්තය එක් අවස්ථාවක පන්දුවාර 9.5 ක් අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 73 ක් ලබා අසීරු තත්ත්වයක රැදී සිටි නමුත්, ඔවුන් පන්දුවාර 19.2 ක් අවසානයේ ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 6 ක ජයක් සිය කණ්ඩායමට හිමි කර දෙමින්.

මෙය 20යි 20 තරගයකදී පාකිස්තානයට එරෙහිව කණ්ඩායමක් සාර්ථක ලෙස හඹා ගිය දෙවැනි ඉහළම ලකුණු සංඛ්‍යාවයි.

ටොම් ලේතම් නවසීලන්ත ඉනිමේ පළමු පන්දුවෙන්ම දැවී ගිය අතර (දර්ශන පහතින්), විල් යන්ග් ලකුණු 4යි. චැඩ් බොවුස් ලකුණු 19 කටත්, ඩැරල් මිචෙල් ලකුණු 15 කටත් දැවී ගියා.

අනතුරුව පිටියේ එක් වූ මාර්ක් චැප්මන් හා ජේම්ස් නීෂම් 5 වැනි කඩුල්ලට නොබිදුණු ලකුණු 121* (58) ක සම්බන්ධතාවයක් ගොඩ නැගීමට සමත් වුණා.

චැප්මන්ගේ නොදැවුණු ශතකයට හයේ පහර 4 ක් හා හතරේ පහර 11 ක් ඇතුළත්. නීෂම් පන්දු 25 කින් නොදැවී ලකුණු 45 ක් රැස් කළේ හයේ පහර 2 ක් හා හතරේ පහර 4 ක් සමගින්.

පන්දු යැවීමේ දී ශහීන් ශාහ් අෆ්රිඩි හා ඉමාඩ් වසීම් කඩුලු 2 බැගින් දවා ගත්තා.

රාවල්පින්ඩි හී දී පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය ලකුණු 193 ක් ලබා ගත්තේ කඩුලු 5 ක් දැවී සිටියදීයි.

මොහමඩ් රිස්වාන් පන්දු 62 කින් ලකුණු 98 ක් නොදැවී රැස් කළේ හයේ පහර 4 ක් හා හතරේ පහර 7 ක් සමගින්. පන්දු යැවීමේ දී බ්ලයාර් ටික්නර් ලකුණු 33 කට කඩුලු 3 ක් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...