Watch : සියල්ලන් විස්මයට පත් කළ විශ්වගේ සුපිරි උත්සාහය

Date:

ගාල්ල ක්‍රීඩාංගනයේ දී අද(24) ආරම්භ වූ ශ්‍රී ලංකාව හා අයර්ලන්තය අතර පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී සුපිරි පන්දු රැකීමක නිරත වීමට ශ්‍රී ලංකා ක්‍රීඩක විශ්ව ප්‍රනාන්දු සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දීමට අයර්ලන්තය තීරණය කළ අතර, ඉනිමේ 36 වැනි පන්දුවාරයේ පළමු පන්දුවටයි විශ්ව මෙම සුපිරි පන්දු රැකීම ‌ප්‍රදර්ශනය කළේ.

අසිත ප්‍රනාන්දු යොමු කළ කෙටි පන්දුවකට පෝල් ස්ටර්ලින්ග් එල්ල කළ පහරකින් පසුව පන්දුව උඩ පන්දුවක් ලෙස fine leg කලාපයේ පන්දු රකිමින් සිටි විශ්ව ප්‍රනාන්දු දෙසට ඇදී ආ අතර, එහිදී විශ්ව විසින් සුපිරි උත්සාහයක නිරත වෙමින් එම පන්දුව හයේ සීමාව ඉක්මවා යාම වළක්වා ගැනීමට සමත් වුණා.

කෙසේ වෙතත්, උඩ පන්දුව සාර්ථක ලෙස රැක ගැනීමට මෙහිදී ඔහුට නොහැකි වූ නමුත්, ලකුණු 5 ක් ශ්‍රී ලංකාව වෙනුවෙන් ආරක්ෂා කර දීමට විශ්ව ප්‍රනාන්දු සමත් වුණා.

දර්ශන පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...