Lunch Report : බල්බර්නිගේ අර්ධ ශතකය හමුවේ අයර්ලන්තයෙන් සටන්කාමී ආරම්භයක්

Date:

ශ්‍රී ලංකාව හා අයර්ලන්තය අතර පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද(24) ගාල්ල ක්‍රීඩාංගනයේ දී ආරම්භ වුණා.

තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට අයර්ලන්ත කණ්ඩායම සමත් වූ අතර, ඒ අනුව ඔවුන් තරගයේ පළමුව පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

දිවා ආහාරය සදහා තරගය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි අයර්ලන්තය කඩුලු 3 ක් දැවී ලකුණු 106ක් ලබා සිටියා.

නොදැවී පන්දුවට පහර දෙමින් සිටින නායක ඇන්ඩි බල්බර්නි ලකුණු 57 ක් හා පෝල් ස්ටර්ලින්ග් ලකුණු 14 ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

ඉනිමේ පළමු කඩුල්ල ලෙස පීටර් මුවර් ලකුණු පහකට දවා ගැනීමට අසිත ප්‍රනාන්දු සමත් වුණා. ඒ, කඩුල්ල මුවා කිරීමේ වරදට හසු කර ගනිමින්.

ජේම්ස් මැකලම් ලකුණු 10 කට දැවී ගියේ ප්‍රභාත් ජයසූරියගේ පන්දුවක් හමුවේ කඩුලු රකින ක්‍රීඩක සධීර සමරවික්‍රම අතට උඩ පන්දුවක් ලබා දෙමින්.

හැරී ටෙක්ටර් ලකුණු 18යි. ප්‍රභාත්ගේ පන්දුවක් හමුවේ ඔහු දැවී ගියේ දිනේෂ් චන්දිමාල් රැක ගත් විශිෂ්ඨ උඩ පන්දුවක් හමුවේයි.

පළමු තරගයට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම හා සැසදීමේ දී මෙම තරගය සදහා ශ්‍රී ලංකා කණ්ඩායමෙන් කිසිදු වෙනස්කමක් සිදු කර නැහැ.

කණ්ඩායම් දෙක –

Ireland XI:

Paul Stirling, James McCollum, Andrew Balbirnie (c), Harry Tector, Lorcan Tucker (wk), PJ Moor, Curtis Campher, Graham Hume, Andy McBrine, Matthew Humphreys, Ben White

Sri Lanka XI :

Nishan Madushka, Dimuth Karunaratne (c), Kusal Mendis, Angelo Mathews, Dinesh Chandimal, Dhananjaya de Silva, Sadeera Samarawickrama(w), Ramesh Mendis, Prabath Jayasuriya, Asitha Fernando, Vishwa Fernando

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...