බට්ලර් සහ විනිසුරුත් හිනා වුණ එංගලන්තයේ දුර්වලම Review අවස්ථාව

Date:

සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම සමග පැවැති දෙවන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයෙන් කඩුලු 6ක ජයක් වාර්තා කිරීමට ඊයේ(6) එංගලන්තය සමත් වුණේ තරගාවලියේ ජය ද තමන් සතු කර ගනිමින්.

මෙම තරගයේ දී වූ අපූරු සිදු වීමක් දෙස මේ වන විටත් ලොව බොහෝ දෙනෙකුගේ අවධානයට යොමුව තිබෙනවා.

ඒ, එංගලන්ත ක්‍රීඩකයින් ලබා ගත් ඉතා දුර්වල විනිසුරු තීරණ නැවත විමසීමේ ක්‍රමවේද (Review) අවස්ථාවක් පිළිබදවයි.

තරගයේ ඔස්ට්‍රේලියානු ඉනිමේ 7 වන පන්දුවාරයේ දී යි එංගලන්ත ක්‍රීඩකයින් මෙම Review අවස්ථාව ලබා ගත්තේ.

එහිදී අඩිල් රෂීඩ් පන්දු යවමින් සිටි අතර, පිතිකරණයේ නිරතව සිටියේ ආරෝන් ෆින්ච්.

එම පන්දුවාරයේ තෙවන පන්දුවට ෆින්ච් විසින් ආරක්ෂිත පහරක් එල්ල කරනු ලැබුවා.

එම අවස්ථාවේ දී පන්දුව පා ආවරණයේ වැදී අනතුරුව පිත්තේ වදින්නට ඇතැයි කඩුලු රකිමින් සිටි ජොස් බට්ලර් ඇතුළු එංගලන්ත ක්‍රීඩකයින් අනුමාන කළා.

ඒ අනුව කඩුල්ල මුවා කිරීමේ වරදට හසු කර ගැනීමේ අරමුණින් එංගලන්ත ක්‍රීඩකයින් විනිසුරුගෙන් ඉල්ලීමක් කළ නමුත් විනිසුරු එය ප්‍රතික්ෂේප කිරීමටයි කටයුතු කළේ.

පසුව එංගලන්ත නායක ඉයන් මෝර්ගන් Review අවස්ථාවක් ලබා ගත්තා.

කෙසේ වෙතත්, පුනරූපනවලින් පෙනී ගියේ පන්දුව පැහැදිලිවම කෙළින්ම පිත්තේ වදින බවයි.

ඒ අනුව මෙම Review අවස්ථාව කණ්ඩායමක් විසින් ලබා ගත් ඉතිහාසයේ දුර්වලම Review අවස්ථාව ලෙස ද ඇතැමුන් සමාජ මාධ්‍ය තුළ සදහන් කර තිබෙනු දක්නට ලැබුණා.

පුනරූපන නැරඹීමෙන් පසු ජොස් බට්ලර් පමණක් නොව විනිසුරු ද සිනහසෙණ අයුරු කැමරා කාචයේ සටහන්ව තිබුණා.

ඊට අදාළ දර්ශන කිහිපයක් පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...