එංගලන්තය 20යි 20 පෙරමුණ රැක ගැනීමේ සටනක

Date:

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තෙවැනි හා අවසන් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගය අද (8) පැවැත්වෙනවා.

තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 10.30ට සවුත්හැම්ටන් හී දී ආරම්භ වීමට නියමිතයි.

තරගාවලියේ පළමු තරග දෙක ජය ගත් එංගලන්තය මේ වන විටත් තරගාවලිය ජය ගෙන අවසන්.

ලොව අංක එකේ 20යි 20 කණ්ඩායම වූ ඔස්ට්‍රේලියාවට එරෙහිව ලැබූ එම ජයග්‍රහනය හේතුවෙන් මේ වන විට එංගලන්තය 20යි 20 ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණ ගැනීමට ද සමත්ව සිටිනවා.

කෙසේ වෙතත්, අද තරගයෙන් එංගලන්තය පරාජයට පත් වුවහොත් යළි ඔස්ට්‍රේලියානු කණ්ඩායම 20යි 20 ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණ ගනු ඇති.

එම කණ්ඩායම් දෙකටම මේ වන විට හිමිව ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 273ක්.

මේ අතර, අද තරගය සදහා පෞද්ගලික හේතුවක් මත එංගලන්ත ක්‍රීඩක ජොස් බට්ලර් ක්‍රීඩා කරන්නේ නැහැ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...