දිමුත්ගේ නායකත්වයේ අවසන් සංග්‍රාමයට ශ්‍රී ලංකාව සූදානම් ?

Date:

සංචාරක අයර්ලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග 2කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි හා අවසන් තරගය හෙට(24) ගාල්ලේ දී ආරම්භ වනවා. තරගය පෙරවරු 10 ට ආරම්භ වීමට නියමිතයි.

පළමු තරගයෙන් ඉනිමක හා ලකුණු 280 ක වාර්තාගත ජයක් ලැබූ ශ්‍රී ලංකාව මේ වන විට තරග 1-0 ක් ලෙස තරගාවලියේ පෙරමුණ ගෙන සිටිනවා.

අයර්ලන්ත කණ්ඩායම තරග 2කින් යුත් ටෙස්ට් තරගාවලියක් මෙලෙස ක්‍රීඩා කරන්නේ ඉතිහාසයේ පළමු වරට වීම ද විශේෂත්වයක්.

දෙවැනි ටෙස්ට් තරගය සදහා ද පළමු ටෙස්ට් තරගය සදහා නම් කෙරුණු ශ්‍රී ලංකා සංචිතයම නම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පසුගියදා පියවර ගත්තා.

ඒ අනුව හෙට තරගය සදහා ශ්‍රී ලංකා කණ්ඩායම බොහෝ විට කිසිදු වෙනස්කමක් නොමැතිව ක්‍රීඩා කිරීමට ඉඩ තිබෙනවා.

මෙම තරගය ඇතැම් විට දිමුත් කරුණාරත්නගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන අවසන් ටෙස්ට් තරගය වීමට ද ඉඩ තිබෙනවා.

ඔහු මෙම තරගයෙන් පසුව නායකත්වයෙන් ඉවත් වීමට කැමැත්තෙන් පසුවන බව මීට පෙර සදහන් කළ ද, මෙතෙක් ඒ සම්බන්ධයෙන් නිල නිවේදනයක් නිකුත් වී නැහැ.

පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා නොකළ අයර්ලන්ත පිතිකරු පෝල් ස්ටර්ලින්ග් මේ වන විට අයර්ලන්ත ටෙස්ට් සංචිතය සමග එක්ව සිටින අතර, ඔහු හෙට තරගය සදහා ක්‍රීඩා කිරීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...