ලෝක කුසලානයේ සුදුසුකම් ලැබීමේ තරගාවලියට ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් දෙදෙනෙකුට අවස්ථාව

Date:

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා සංචිතය නම් කිරීමේ කටයුතු මේ වන විට සිදු වෙමින් පවතින බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා පවසනවා.

ඒ අනුව ජ්‍යෙෂ්ඨ පිතිකරුවන් දෙදෙනෙකු සංචිතයට කැදවීමට වැඩි ඉඩක් පවතින බවයි ඔහු සන්ඩේ ටයිම්ස් පුවත්පත වෙත සදහන් කර ඇත්තේ.

ඇන්ජෙලෝ මැතිව්ස්, දිමුත් කරුණාරත්න, කුසල් ජනිත් පෙරේරා හෝ දිනේෂ් චන්දිමාල් යන පිතිකරුවන්ගෙන් දෙදෙනෙකු එලෙස සංචිතයට කැදවීමට ඉඩ ඇති බව තේරීම් කමිටු සභාපතිවරයා පෙන්වා දෙනවා.

පුහුණුකරු (ක්‍රිස් සිල්වර්වුඩ්), නායකයා (දසුන් ශානක) සහ උපදේශක පුහුණුකරු (මහේල ජයවර්ධන) සමඟ සාකච්ඡා කර ඒ සම්බන්ධයෙන් තීරණ ගන්නා බවයි ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ.

කුසල් ජනිත් ආබාධයක් හේතුවෙන් දීර්ඝ කාලයක් ක්‍රිකට් පිටියෙන් ඉවත්ව සිටි නමුත්, මෑතකදී නිමා වූ නවසීලන්ත සංචාරයේ 20යි 20 තරගාවලිය සදහා ඔහු ක්‍රීඩා කරමින් දක්ෂතා දක්වනු ලැබුවා.

ඇන්ජෙලෝ මැතිව්ස් ද දීර්ඝ කාලයකට පසුව නිමා වූ නවසීලන්ත සංචාරයේ දී එක්දින ජාත්‍යන්තර පිටියට පිවිසි අතර, එම තරගාවලියේ ක්‍රීඩා කළ තරග දෙකේ දී ඔහු පිළිවෙලින් රැස් කළේ ලකුණු 18, 0 ක් පමණයි. ඔහු එම තරගාවලියට පෙර අවසන් වරට එක්දින ජාතික කණ්ඩායම නියෝජනය කර තිබුණේ 2021 වසරේ මාර්තු මාසයේ දී යි.

2021 වසරේ මාර්තු මාසයේ පැවැති බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි එක්දින තරගාවලියේ දී අවසන් වරට එක්දින ජාතික කණ්ඩායමට ක්‍රීඩා කළ දිමුත් කරුණාරත්නට ද, එම තරගාවලියෙන් පසුව එක්දින කණ්ඩායමේ නායකත්වය අහිමි වූ අතර, අනතුරුව මේ දක්වා කිසිදු එක්දින ජාත්‍යන්තර තරගයක් ක්‍රීඩා කර නැහැ.

මෙම ක්‍රීඩකයින් සිව් දෙනා අතරින් 2021 වසරේ මාර්තු මාසයෙන් පසුව වැඩිම එක්දින ජාත්‍යන්තර තරග ප්‍රමාණයක් ක්‍රීඩා කර ඇත්තේ දිනේෂ් චන්දිමාල්. ඔහු එක්දින තරග 8 ක් ක්‍රීඩා කර ඇති අතර, එහිදී පිළිවෙලින් ලකුණු 9, 75, 2, 17, 6, 14, 33 ක් ඔහු වාර්තා කළා. (එක් තරගයක පිතිකරණයේ නිරත වූයේ නැහැ)

කුසල් ජනිත් පෙරේරා එම වසරේ මාර්තු මාසයෙන් පසුව එක්දින තරග 6 ක් ක්‍රීඩා කළ අතර, එහිදී පිළිවෙලින් ලකුණු 30, 14, 120, 73, 0 හා 9 ක් ඔහු වාර්තා කළා.

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සෘජුව සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකාවට නොහැකි වූ අතර, ඒ අනුවයි ජූනි 18 වැනිදා සිම්බාබ්වේ හී දී ආරම්භ වන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට ශ්‍රී ලංකාවට ක්‍රීඩා කිරීමට සිදුව ඇත්තේ.

එම තරගාවලියට පෙර ඇෆ්ඝනිස්තානයට එරෙහිව එක්දින තරග 3ක් ද මෙරට දී ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ වන විට තීරණය කර තිබෙනවා.

සුදුසුකම් ලැබීමේ තරගාවලියට පෙරහුරුවක් ලෙස එම තරගාවලිය යොදා ගැනීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...