Watch : සියල්ලන් මවිතයට පත් කළ ඩේවිඩ්ගේ අති දැවැන්ත හයේ පහර

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මෙතෙක් පිතිකරුවෙකු එල්ල කළ දෙවැනි දැවැන්තම හයේ පහර එල්ල කිරීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පිතිකරු ටිම් ඩේවිඩ් සමත් වුණා.

ඒ, තරගාවලියේ 31 වැනි තරගයේ දී පංජාබ් කිංග්ස් කණ්ඩායමේ නේදන් ඇලස් යොමු කළ මුම්බායි ඉනිමේ 18.2 පන්දුවේ දී යි.

මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාංගනයේ දී පැවැති තරගය ජය ගැනීම සදහා ලකුණු 215 ක ඉලක්කයක් හඹා ගිය මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 6ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 201 ක් පමණයි.

ටිම් ඩේවිඩ් මෙම තරගයේ දී පන්දු 13 කින් වේගවත් ලකුණු 25 ක් නොදැවී රැස් කළා. හයේ පහර 2ක් ඔහුගේ ඉනිමට ඇතුළත් වුණා.

ඉන් එක් හයේ පහරක් midwicket කලාපය ඔස්සේ මීටර් 114 ක් දුරට ඇදී ගියේ තරගාවලියේ දෙවැනි දිගම හයේ පහරේ වාර්තාව ටිම් ඩේවිඩ්ගේ නම ඉදිරියේ සටහන් කරමින්.

තරගාවලියේ දැවැන්තම හයේ පහර මෙතෙක් එල්ල කර ඇත්තේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ නායක ෆෆ් ඩු ප්ලෙසිස් විසින්. එම හයේ පහරේ දිග මීටර් 115 ක්.

ඩේවිඩ්ගේ හයේ පහරේ දර්ශන පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...