ධර්මසේන IPL ඇරයුම ප්‍රතික්ෂේප කරයි

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී විනිසුරුවරයෙකු ලෙස කටයුතු කිරීමට ලද ආරාධනය ශ්‍රී ලංකාවේ කුමාර් ධර්මසේන ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඒ වෙනුවට ඔහු මෙරට දී පැවැත්වෙන ශ්‍රී ලංකා – බංග්ලාදේශ ටෙස්ට් තරගාවලියේ විනිසුරුවරයෙකු ලෙස කටයුතු කිරීමටයි තීරණය කර ඇත්තේ.

ලබන වසරේ ජූලි 31 වනදා දක්වා මෙරට පැවැත්වෙන තරගාවලියන්හි විනිසුරුවරයෙකු ලෙස කුමාර් ධර්මසේන කටයුතු කිරීමට නියමිත බවත්, තරග තීරකවරයෙකු ලෙස රංජන් මඩුගල්ල මහතා කටයුතු කරනු ඇති බවත් daily news වෙබ් අඩවිය වාර්තා කළා.

බංග්ලාදේශයට එරෙහි ටෙස්ට් තරගාවලියේ අනෙක් විනිසුරුවන් ලෙස රුචිර පල්ලියගුරුගේ, රවීන්ද්‍ර විමලසිරි සහ Lyndon Hannibal කටයුතු කරන බව ද සදහන්.

කොරෝනා වසංගතයත්  සමග ඇති වී තිබෙන තත්ත්වය සැලකිල්ලට ගනිමින් ජාත්‍යන්තර තරග සදහා නිළධාරීන් පත් කිරීමේ දී අදාළ තරග පැවැත්වෙන සත්කාරක රටෙහි විනිසුරුවන් සහ තරග තීරකවරුන් යොදා ගැනීමටයි මේ වන විට අයි.සී.සීය අවසර ලබා දී ඇත්තේ.

ජාත්‍යන්තර සංචරන සීමා සහ නීරෝධායන ක්‍රියාවලීන් පිළිබද අවධානය යොමු කර මෙම තීරණය ගැණුනා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...