බට්ලර්ට අවසන් තරගය අහිමි වෙයි

Date:

ඕස්ට්‍රේලියාව සමග පැවැත්වෙන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ තෙවැනි සහ අවසන් තරගය එංගලන්ත පිතිකරු ජොස් බට්ලර්ට අහිමි වී තිබෙනවා.

ඒ, ඔහු පෞද්ගලික හේතුවක් මත සංචිතයෙන් ඉවත් වීම හේතුවෙන්.

ඊයේ(6) ඔස්ට්‍රේලියාව සමග පැවැති දෙවැනි 20යි 20 තරගයෙන් පසුව ජොස් බට්ලර් සංචිතයේ ජෛව ආරක්ෂිත පරිසරයෙන් ද ඉවත්ව ඇති බව සදහන්.

දෙවැනි තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබුවේ ද ජොස් බට්ලර්.

ඔහු පසුගිය සති 10ක පමණ කාලය තුළ සංචිතයේ ජෛව ආරක්ෂිත පරිසරය තුළම රැදී සිටීම හේතුවෙන් සිය පවුලේ සාමාජිකයින් සමග එක්වීමට අවස්ථාවක් හිමිව තිබුණේ නැහැ.

කෙසේ වෙතත්, ලබන 11 වනදා දෙරට අතර ආරම්භ වීමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් ජොස් බට්ලර් ක්‍රීඩා කිරීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...